මෑතකදී ලෝකයේ බොහෝ දෙනෙක් අත්විඳි සූර්යග්රහණයේ උණුසුම පහව යන්නටත් මත්තෙන්, තාරකා විද්යා ලෝලීන් දැන් සූදානම් වෙන්නේ 2027 වසරේදී උදාවන තවත් අපූරු අභ්යවකාශ සංසිද්ධි දෙකක් වෙනුවෙන්. 2027 පෙබරවාරි 6 වැනිදා ‘ගිනි වළල්ලක්’ වැනි දසුනක් මවන වළයාකාර සූර්යග්රහණයක් දකින්න ලැබෙනවා. චිලී, ආර්ජන්ටිනාව සහ බටහිර අප්රිකාවේ වෙරළබඩ ප්රදේශවලට මෙය ඉතා පැහැදිලිව දර්ශනය වන අතර, සඳු සූර්යයා ඉදිරියෙන් ගමන් කරද්දී සූර්යයා වටා දීප්තිමත් ආලෝක වළල්ලක් මැවෙන ආකාරය මෙහිදී දැකගත හැකියි.
නමුත් සැබෑ උද්යෝගය ඇත්තේ 2027 අගෝස්තු 2 වැනිදායි. බොහෝ දෙනා මේ දින හඳුන්වන්නේ ‘සියවසේ සූර්යග්රහණය’ ලෙසයි. දකුණු යුරෝපය, උතුරු අප්රිකාව සහ මැද පෙරදිග කලාප හරහා ගමන් කරන මෙම පූර්ණ සූර්යග්රහණය විනාඩි 6කට අධික කාලයක් පැවතීම විශේෂත්වයක්. සාමාන්ය සූර්යග්රහණයකට වඩා දෙගුණයක කාලයක් අහස අඳුරු කරමින් සිදුවන මෙම අපූරු දසුන නැරඹීමට මේ වන විටත් ලොව පුරා සංචාරකයින් සැලසුම් සකස් කරමින් සිටිනවා. ඔබත් අභ්යවකාශයේ මේ අරුම පුදුම දසුන් දැක බලා ගැනීමට කැමති නම්, දැන් සිටම ඒ සඳහා සූදානම් වීම වඩාත් සුදුසුයි.

Discussion & Feedback