පසුගිය පැය කිහිපය තුළ ලොව පුරා සිටින වට්ස්ඇප් භාවිතා කරන්නන් විශාල පිරිසකට තමන්ගේ ගිණුම් හදිසියේම අත්හිටුවීමට ලක්වීමේ අපහසුතාවයකට මුහුණ දීමට සිදුවුණා. බොහෝ පරිශීලකයන් සමාජ මාධ්‍ය ඔස්සේ පවසා තිබුණේ තම ගිණුම ‘සමාලෝචනය යටතේ’ (under review) පවතින බවත්, සේවා කොන්දේසි උල්ලංඝනය වී ඇත්දැයි පරීක්ෂා කරන බවත් පවසන පණිවිඩයක් තිරයේ දිස්වන බවයි. මේ නිසා බොහෝ දෙනෙකුගේ එදිනෙදා වැඩකටයුතු සහ සන්නිවේදන කටයුතු දැඩි ලෙස අඩාල වී තිබෙනවා.
මෙම ගැටලුව සම්බන්ධයෙන් මෙටා (Meta) සමාගම නිල වශයෙන් පිළිගෙන තිබෙන අතර, ඔවුන් මේ වන විටත් අදාළ ගිණුම් නැවත යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටින බව පවසා තිබෙනවා. වට්ස්ඇප් සේවාව අනිසි ලෙස භාවිතා කරන පුද්ගලයන් පාලනය කිරීමට ගත් පියවරකදී මෙවැනි දෝෂයක් සිදුවන්නට ඇති බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ. කෙසේ වෙතත්, මෙම ගැටලුවට නිශ්චිත හේතුව හෝ බලපෑමට ලක්වූ රටවල් පිළිබඳව සමාගම තවමත් පැහැදිලි ප්‍රකාශයක් කර නැහැ.
ලොව පුරා බිලියන තුනකට අධික පිරිසක් භාවිතා කරන වට්ස්ඇප් වැනි ජනප්‍රිය යෙදුමක මෙවැනි බාධාවක් ඇතිවීම බොහෝ දෙනෙකුට විශාල ගැටලුවක් වී තිබෙනවා. කෙසේ වෙතත්, බලපෑමට ලක්වූ ගිණුම් හැකි ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන බව මෙටා සමාගම සහතික වී තිබෙන නිසා, පරිශීලකයන්ට වැඩි කලක් බලා සිටීමට සිදු නොවනු ඇති බවයි වාර්තා වන්නේ.

Discussion & Feedback