දිනෙන් දින වැඩිවන සයිබර් ප්රහාර සහ වංචාකාරී ක්රියාකාරකම්වලින් තම පරිශීලකයන් ආරක්ෂා කරගැනීම සඳහා වට්ස්ඇප් ආයතනය මේ වන විට විශේෂ ආරක්ෂක පියවර කිහිපයක් හඳුන්වා දී තියෙනවා. විශේෂයෙන්ම ගිණුම් හැක් කිරීම් සහ අනවසර පිවිසුම් වැළැක්වීම සඳහා ඔවුන් ‘පාස්කී’ (Passkey) තාක්ෂණය තවදුරටත් දියුණු කර තිබෙනවා. දැනටමත් බිලියනයකට අධික පිරිසක් තම ඇඟිලි සලකුණු, මුහුණේ හැඩය හඳුනාගැනීමේ පහසුකම හෝ ස්ක්රීන් ලොක් කෝඩ් එක භාවිතයෙන් වට්ස්ඇප් ගිණුමට පිවිසීමේ පහසුකම ලබාගෙන තියෙනවා. දැන් ඔබට ඔබේ ඇන්ඩ්රොයිඩ් හෝ අයිෆෝන් උපාංග සඳහා එකකට වඩා වැඩි පාස්කී ප්රමාණයක් එකතු කරගන්නත් පුළුවන්.
මීට අමතරව, වට්ස්ඇප් හි ද්වි-අදියර තහවුරු කිරීමේ (Two-step verification) ක්රියාවලිය තවත් ශක්තිමත් කරමින්, ඊට අකුරු සහ විශේෂ සංකේත ඇතුළත් කළ හැකි මුරපදයක් හඳුන්වා දී තිබෙනවා. ඇන්ඩ්රොයිඩ් පරිශීලකයන්ට ලැබෙන තවත් වැදගත් පහසුකමක් තමයි නොදන්නා අංකවලින් එන ඇමතුම් පිළිබඳ වැඩි විස්තර දැනගැනීමේ හැකියාව. යම් අයෙක් ඔබට ඇමතුමක් ගත් විට, එම අංකය පැමිණෙන්නේ කුමන රටකින්ද සහ ඔබ දෙදෙනා අතර පොදු කණ්ඩායම් (Common groups) තිබේද යන්න දැන් පහසුවෙන් බලාගන්න පුළුවන්. මේ සියලු පියවර ගෙන තිබෙන්නේ ඔබේ පෞද්ගලික සංවාදවල ආරක්ෂාව තහවුරු කරමින් වංචාකරුවන්ගෙන් ඔබව බේරා ගැනීමටයි.

Discussion & Feedback