නාසා ආයතනයේ අති නවීන නැන්සි ග්රේස් රෝමන් අභ්යවකාශ දුරේක්ෂය පසුගියදා SpaceX ෆැල්කන් හෙවි රොකට්ටුවක් මගින් සාර්ථකව අභ්යවකාශයට යැව්වා. මේ දුරේක්ෂය හදලා තියෙන්නේ විශ්වයේ තියෙන අඳුරු ශක්තිය සහ අඳුරු පදාර්ථ වගේම, අපිට තවමත් හමු නොවූ දහස් ගණනක් ග්රහලෝක ගැන හොයන්නයි. දැනට මේ දුරේක්ෂය පෘථිවියේ ඉඳන් කිලෝමීටර් මිලියන 1.5ක් දුරින් තියෙන L2 කියන විශේෂිත ස්ථානය බලා ගමන් කරමින් ඉන්නවා. මේ ගමනට දින 30ක් විතර ගත වෙනවා. මේ ස්ථානය තෝරාගෙන තියෙන්නේ සූර්යයාගේ සහ පෘථිවියේ ආලෝකය බාධාවක් නොවී ඉතාමත් සිසිල්ව උපකරණ ක්රියාත්මක කරන්න පුළුවන් නිසයි.
එතැනට ගියාට පස්සේ දුරේක්ෂයේ තියෙන කැමරා සහ අනෙකුත් පද්ධති සියල්ලම හරියට වැඩ කරනවද කියලා පරීක්ෂා කරන ‘කොමිෂන්’ කිරීමේ වැඩකටයුතු ආරම්භ වෙනවා. මේ දුරේක්ෂයේ තියෙන මෙගාපික්සල් 300ක අධි තාක්ෂණික කැමරාව මගින් විශ්වයේ අතීතය ගැන වගේම, තරුවල ආලෝකය අවහිර කරලා ඒ වටා තියෙන ග්රහලෝක නිරීක්ෂණය කරන්නත් පුළුවන් වෙනවා. මේ සියලුම පරීක්ෂණ අවසන් කරලා 2027 වසරේ මුල් භාගයේදී මේ දුරේක්ෂය තමන්ගේ ප්රධාන විද්යාත්මක මෙහෙයුම පටන් ගන්නවා. හබල් දුරේක්ෂය වගේම මේකත් වසර ගණනාවක් පුරා විශ්වයේ අරුමපුදුම දේවල් ගැන අපිට අලුත් තොරතුරු ගෙන එයි කියලා විද්යාඥයෝ ලොකු බලාපොරොත්තුවකින් ඉන්නවා.

Discussion & Feedback