නාසා ආයතනය විසින් අභ්යවකාශගත කළ නැන්සි ග්රේස් රෝමන් අභ්යවකාශ දුරේක්ෂය මේ වන විටත් එහි ගමන ආරම්භ කරලා තියෙනවා. ස්පේස්-එක්ස් ෆැල්කන් හෙවි රොකට්ටුවක් මගින් අභ්යවකාශයට යැවූ මෙම දැවැන්ත දුරේක්ෂය, පෘථිවියේ සිට කිලෝමීටර් මිලියන 1.5ක් දුරින් පිහිටි ‘L2’ නම් විශේෂිත ස්ථානය වෙත ගමන් කරමින් ඉන්නවා. ජේම්ස් වෙබ් දුරේක්ෂයත් දැනට රැඳී ඉන්නේ මේ ස්ථානයේමයි. මේ ස්ථානය තෝරාගෙන තියෙන්නේ සූර්යයාගේ සහ පෘථිවියේ ආලෝකයෙන් ආරක්ෂා වෙමින්, ඉතාම සිසිල්ව සහ ස්ථාවරව විශ්වය නිරීක්ෂණය කරන්න පුළුවන් නිසයි. ඉදිරි දින 30ක කාලය තුළ එය නියමිත කක්ෂයට ළඟා වීමට නියමිතයි.
මෙම දුරේක්ෂය මගින් අභ්යවකාශයේ තියෙන අඳුරු ශක්තිය සහ අඳුරු පදාර්ථ ගැන වගේම, අපිට හිතාගන්නවත් බැරි තරම් දුරින් තියෙන ග්රහලෝක දහස් ගණනක් ගැනත් තොරතුරු හොයාගන්න පුළුවන් වේවි කියලා විද්යාඥයන් බලාපොරොත්තු වෙනවා. මෙහි ඇති මෙගාපික්සල් 300ක අධි තාක්ෂණික කැමරාව සහ විශේෂිත උපකරණ මගින් විශ්වයේ ආරම්භය ගැන පවා අලුත් දේවල් දැනගන්න ලැබෙනු ඇති. සියලුම පද්ධති පරීක්ෂා කිරීමෙන් පස්සේ, 2027 වසරේ මුල් භාගයේදී රෝමන් දුරේක්ෂය එහි විද්යාත්මක කටයුතු නිල වශයෙන් ආරම්භ කරනවා. හබල් දුරේක්ෂය වගේම මේකත් වසර ගණනාවක් පුරා විශ්වයේ අරුමපුදුම දේවල් අපිට පෙන්වා දේවි කියලා තමයි හැමෝම බලාපොරොත්තු වෙන්නේ.

Discussion & Feedback