ඩුබායි සිට ඊශ්‍රායලයේ ටෙල් අවිව් නුවර බලා පියාසර කරමින් තිබූ ෆ්ලයි ඩුබායි (Flydubai) ගුවන් යානයක නියමුවන් දෙදෙනෙකු අතර ඇති වූ බරපතල ගැටුමක් පිළිබඳව මේ වන විට ලෝකයේම අවධානය යොමු වෙලා තියෙනවා. ගුවන් ගමන අතරතුර එක් නියමුවෙක් තවත් නියමුවෙකුට පිහියෙන් ඇන යානය කඩා දැමීමට උත්සාහ කළ බවට ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කර තිබෙනවා. යානය හදිසියේම අඩි 14,000ක් පමණ පහළට කඩා වැටෙද්දී මගීන් සහ කාර්ය මණ්ඩලය මැදිහත් වී එම නියමුවාව පාලනය කරගෙන තිබීම නිසා විශාල ව්‍යසනයක් වළක්වා ගැනීමට හැකි වුණා.
මෙම සිදුවීමෙන් පසු යානය සෞදි අරාබියේ ටබුක් ගුවන්තොටුපළ වෙත හදිසි ගොඩබෑමක් සිදු කළ අතර, සැකකාර නියමුවා ඕමාන් ජාතිකයෙක් බව හඳුනාගෙන තිබෙනවා. මෙය ත්‍රස්ත ප්‍රහාරයක් ද නැතහොත් සියදිවි නසා ගැනීමේ උත්සාහයක් ද යන්න පිළිබඳව මේ වන විටත් බලධාරීන් පරීක්ෂණ පවත්වනවා. වාසනාවකට මෙන් යානයේ සිටි කිසිදු මගියෙකුට හානියක් සිදුවී නැහැ. කෙසේ වෙතත්, ඊශ්‍රායලය සහ සෞදි අරාබිය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නොමැති නිසා මගීන් ටික වේලාවක් සෞදියේ අතරමං වුණත්, පසුව ඔවුන්ව ආරක්ෂිතව ගමනාන්තය වෙත යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.

Discussion & Feedback