නේපාලය සහ ටිබෙට් දේශසීමාව ආශ්‍රිතව සිදුවූ හදිසි ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මේ වන විට විශාල පිරිසක් ජීවිතක්ෂයට පත්වෙලා හෝ අතුරුදහන් වෙලා තියෙනවා. මුලින්ම මේ ආපදාව භූමිකම්පාවක් නිසා සිදුවූවක් ලෙස සැක කළත්, ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසන්නේ මෙය ග්ලැසියරයක් හෙවත් අයිස් කුට්ටියක් කඩා වැටීමකින් සිදුවූවක් බවයි. මේ ග්ලැසියර කඩා වැටීම නිසා ඇතිවූ කම්පනය මැග්නිටියුඩ් 5.2ක ප්‍රබලත්වයකින් යුක්ත වූ බවත්, එයින් ඇතිවූ සුන්බුන් සහ මඩ ප්‍රවාහය පහළ ප්‍රදේශවලට විශාල හානියක් සිදු කර ඇති බවත් විද්‍යාඥයන් පෙන්වා දෙනවා. දේශගුණික විපර්යාස හේතුවෙන් හිමාල කලාපයේ අයිස් දියවීම වේගවත් වීම මෙවැනි ආපදාවලට ප්‍රධාන හේතුවක් බවයි විශේෂඥයන් පවසන්නේ.
මේ වන විටත් හමුදා කණ්ඩායම් සහ සහන සේවකයන් අතුරුදහන් වූවන් සෙවීමේ කටයුතුවල නිරත වෙමින් ඉන්නවා. ගංවතුර නිසා ගොඩනැගිලි, මාර්ග සහ වාහන විශාල ප්‍රමාණයක් විනාශ වී ඇති අතර, තවත් ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බවට බලධාරීන් අනතුරු අඟවනවා. විශේෂයෙන්ම ගංගා ආශ්‍රිතව සුන්බුන් එකතු වී ජල මාර්ග අවහිර වීම නිසා අලුතින් ජලාශ නිර්මාණය වී ඒවා හදිසියේ කැඩී යාමේ අවදානමක් පවතිනවා. නේපාලයේ සංචාරකයන් සහ වන්දනාකරුවන් බහුලව ගැවසෙන ප්‍රදේශවලටත් මේ ආපදාවෙන් දැඩි බලපෑම් එල්ල වී තියෙනවා. තත්ත්වය තවමත් අවදානම් සහගත නිසා ජනතාවට ඉතාමත් කල්පනාකාරීව සිටින ලෙසයි බලධාරීන් දැනුම් දෙන්නේ.

Discussion & Feedback