නේපාලයේ හිමාල කඳුකර දේශසීමා ආශ්‍රිතව පසුගිය බදාදා හදිසියේම ඇතිවූ දරුණු ගංවතුර තත්ත්වය පිටුපස භූමිකම්පාවක් සහ අයිස් හා ගල් කඳු කඩා වැටීමක් තිබෙන්නට ඇති බවටයි මූලික පරීක්ෂණවලින් හෙළි වෙලා තියෙන්නේ. මේ ආපදාවට මිනිත්තු හතකට පමණ පෙර රික්ටර් මාපකයේ 4.4ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් එම ප්‍රදේශයෙන් වාර්තා වෙලා තියෙනවා. නේපාලයේ ආපදා කළමනාකරණ අධිකාරිය පවසන විදිහට, විශාල හිම සහ ගල් කඳු කඩා වැටීමක් ලෙන්ඩේ ඛෝලා ගංගාවට එකතු වීම නිසා ගංගාව අවහිර වෙලා තියෙනවා. පසුව එම බාධකය බිඳී යාමත් සමඟම ජලය, මඩ සහ ගල් කුට්ටි සමඟින් විශාල ජල කඳක් පහළට ගලා ඒම නිසා මාර්ග, පාලම් සහ නිවාස රැසක් විනාශ වී තිබෙනවා.
මේ සිදුවීම සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදු කෙරෙන අතර, භූමිකම්පාව නිසා කඳුකරයේ අස්ථාවර බවක් ඇති වී මෙම නායයෑම සිදුවුණාද යන්න විද්‍යාඥයින් සොයා බලමින් ඉන්නවා. ග්ලැසියර විලක් පුපුරා යාමද මෙයට බලපෑවාද යන්න ගැනත් සැකයක් පවතිනවා. විශේෂත්වය වන්නේ මේ ප්‍රදේශයට අධික වර්ෂාවක් ලැබී නොතිබීමයි. කෙසේ වෙතත්, තවමත් ලෙන්ඩේ ඛෝලා ගංගාවේ ඉහළ කොටසේ යම් අවහිරතාවක් පවතින නිසා නැවතත් මෙවැනිම ගංවතුරක් ඇතිවීමේ අවදානමක් පවතින බවට බලධාරීන් ජනතාවට අනතුරු අඟවා තිබෙනවා. ඒ නිසා ප්‍රදේශවාසීන් ඉතාමත් කල්පනාකාරීව සිටිය යුතු බවයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ.

Discussion & Feedback