ලොව පුරා රසිකයින්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් ‘Heated Rivalry’ කතා මාලාවේ දෙවන සමය ගැන මේ වන විට රසවත් තොරතුරු කිහිපයක්ම එළියට ඇවිත් තියෙනවා. රේචල් රීඩ්ගේ ‘Game Changers’ පොත් පෙළ ඇසුරින් නිර්මාණය වන මෙම කතා මාලාවේ දෙවන කොටස 2027 වසරේ අප්රේල් මාසයේදී විකාශය කිරීමටයි සැලසුම් කරලා තියෙන්නේ. මෙහි අධ්යක්ෂ ජේකබ් ටියර්නි පවසන විදිහට, දෙවන සමය සඳහා රූගත කිරීම් මේ වසරේ අගෝස්තු මාසයේදී ආරම්භ වෙන්න නියමිතයි. මෙවර කතාව ප්රධාන වශයෙන් පදනම් වෙන්නේ රේචල් රීඩ්ගේ ‘The Long Game’ පොත ඇසුරින් වන අතර, ෂේන් සහ ඉල්යාගේ ආදර කතාවේ වඩාත් සංකීර්ණ සහ පරිණත පැතිකඩක් මෙහිදී අපිට බලාගන්න පුළුවන්.
පළමු සමයට වඩා මෙවර කතාව වඩාත් බැරෑරුම් එකක් බවයි නිර්මාණකරුවන් පවසන්නේ. වසර දහයක රහසිගත ආදරයකින් පසුව ඔවුන් මුහුණ දෙන අභියෝග සහ ගැටලු ගැන මෙහිදී ගැඹුරින් සාකච්ඡා වෙනවා. ඒ වගේම, මේ කතා මාලාවට අලුතින්ම ජස්ටින් ස්මිත් සහ චාලි ගිලෙස්පි එකතු වෙලා තියෙනවා. ඔවුන් රඟපාන්නේ ‘Role Model’ පොතේ එන හැරිස් ඩ්රෝවර් සහ ට්රෝයි බැරට් කියන චරිත දෙකයි. කතාවේ තියෙන අන්තර්ගතය වැඩි නිසා සමහර විට මෙම පොතේ කොටස් දෙකක් ලෙස කතා මාලාව ඉදිරිපත් කිරීමටත් ඉඩ තියෙනවා කියලා තමයි ආරංචි වෙන්නේ. කොහොම වුණත්, රසිකයින්ට මේ දෙවන සමය ගැන තියෙන්නේ ලොකු බලාපොරොත්තුවක්. HBO Max හරහා ඔබට මෙය නැරඹීමේ අවස්ථාව ලැබෙනු ඇති.

Discussion & Feedback