අභ්යවකාශ ගවේෂණය ගැන කතා කරනකොට අද තියෙන ලොකුම ප්රශ්නයක් තමයි අභ්යවකාශයේ දේපළ අයිතිය කියන එක. 1967 දී ගහපු අභ්යවකාශ ගිවිසුමට අනුව කිසිම රටකට සඳේ හෝ වෙනත් ග්රහලෝකයක අයිතිය ගන්න බැහැ. ඒ කාලේ කවුරුත් හිතුවේ නැහැ එලන් මස්ක්ලා, ජෙෆ් බෙෙසෝස්ලා වගේ ව්යාපාරිකයෝ අභ්යවකාශයට යයි කියලා. හැබැයි අද තත්ත්වය වෙනස්. දේපළ අයිතියක් නැති නිසා අභ්යවකාශයේ ආර්ථික දියුණුවක් ඇති කරන්න ආයෝජකයෝ එන්න බයයි. ඇත්තටම අභ්යවකාශයේ ඉඩම් අයිතියක් ලැබුණොත්, ඒක ලෝකයේ ලොකුම ආර්ථික විප්ලවයක් වෙන්න පුළුවන්.
ඉතිහාසය දිහා බැලුවොත් අපිට පේනවා ඇමරිකාවේ බටහිර ප්රදේශ ජනාවාස වුණේ රජයෙන් නීති හදන්න කලින් මිනිස්සු එතනට ගිහින් වැඩ කරලා අයිතිය තහවුරු කරගත්ත නිසා කියලා. අභ්යවකාශයෙත් වෙන්න පුළුවන් මේ වගේ දෙයක් තමයි. නීතිමය රාමුවක් නැති වුණාට, කවුරුහරි ග්රහකයකට ගිහින් පතල් කැණීම් කළොත් හෝ අඟහරු මත ජනාවාසයක් හැදුවොත්, ඒ දේ කරන අයට අයිතිය ලැබෙනවා කියන විශ්වාසය ඇති වුණොත් ලොකු තරගයක් ඇති වෙනවා. මේ වගේ දේපළ අයිතියක් ලැබුණොත් අභ්යවකාශ ගවේෂණය අදට වඩා ගොඩක් වේගයෙන් ඉස්සරහට යයි කියන එක තමයි විශේෂඥයන්ගේ අදහස. ඉතින් අනාගතයේදී අභ්යවකාශය කියන්නේ මිනිස්සුන්ට තමන්ගේම දේපළක් තියෙන තැනක් වෙයිද කියන එක හරිම කුතුහලය දනවන කාරණයක්.

Discussion & Feedback