අභ්යවකාශ විද්යාඥයන් විසින් මෑතකදී ඉතාමත් සුවිශේෂී සොයාගැනීමක් සිදු කර තිබෙනවා. ඒ තමයි ‘රේඩියෝ මන්දාකිණි’ ලෙස හඳුන්වන, දැවැන්ත ප්ලාස්මා වායු කලාප විහිදුවන මන්දාකිණිවල අවසාන කාල පරිච්ඡේදය පිළිබඳව. සාමාන්යයෙන් මන්දාකිණියක මධ්යයේ ඇති අති දැවැන්ත කළු කුහර මගින් බලගැන්වෙන ජෙට් ධාරා මගින් මෙම රේඩියෝ තරංග විමෝචනය කෙරෙනවා. නමුත් මේ කළු කුහරවල ක්රියාකාරීත්වය නතර වූ විට, එම මන්දාකිණිවල ඇති රේඩියෝ තරංග ක්රමයෙන් මැකී යාමට පටන් ගන්නවා. පර්යේෂකයන් විසින් දකුණු අප්රිකාවේ පිහිටි MeerKAT ඇතුළු ප්රබල දුරේක්ෂ කිහිපයක් භාවිත කරමින් මෙවැනි මැකී යන මන්දාකිණි 14ක් නිරීක්ෂණය කර තිබෙනවා.
මෙම පර්යේෂණයෙන් හෙළි වූ තවත් වැදගත් කරුණක් තමයි, මේ මන්දාකිණිවල රේඩියෝ තරංග වසර මිලියන 8ත් 42ත් අතර කාලයක සිට මැකී යමින් පවතින බව. සාමාන්යයෙන් මෙවැනි මන්දාකිණිවල ආයු කාලය මීට වඩා වැඩි බව විද්යාඥයන් සිතා සිටියත්, මෙම සොයාගැනීම මගින් කෙටි කාලයකින් මැකී යන මන්දාකිණි ගහනයක් පිළිබඳව අලුත් දැනුමක් ලැබී තිබෙනවා. මේ මගින් මන්දාකිණිවල ජීවන චක්රය සහ කළු කුහරවල ක්රියාකාරීත්වය පිළිබඳව අපට වඩාත් පැහැදිලි අවබෝධයක් ලබාගන්න පුළුවන්. මෙම අධ්යයනය මගින් විශ්වයේ සිදුවන මේ අද්භූත වෙනස්කම් තේරුම් ගැනීමට විශාල පිටුවහලක් ලැබෙන බවයි විද්යාඥයන් පවසන්නේ.

Discussion & Feedback