ශ්‍රී ලංකාවේ ක්ෂේත්රයේ දැඩි කතාබහට ලක්වුණු ජනප්‍රිය රංගන ශිල්පිනියක් සහ නිරූපිකාවක් විදිහට කටයුතු කරපු චුල්පද්මේන්ද්‍රා කුමාරපතිරණ මහත්මිය අවාසනාවන්ත විදිහට ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. ඇය මිය යන විට වයස අවුරුදු 46ක්. වාර්තා වෙන විදිහට ඇය නිවසේ ඉන්නකොට හදිසියේම අසනීප වෙලා තියෙනවා. පසුව ඇයව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරත්, ප්‍රතිකාර ලබමින් ඉන්න අතරතුර ඇය ජීවිතයෙන් සමුගෙන තියෙනවා. ඇයගේ මේ හදිසි වියෝව ඇයව ආදරය කරපු බොහෝ දෙනෙක්ට ලොකු කම්පනයක් වුණා.
චුල්පද්මේන්ද්‍රා කලාවට සම්බන්ධ වෙන්නේ රංගන ශිල්පිනියක් විදිහට. විශේෂයෙන්ම ‘වහින්න මුතු වැස්සක්’ ටෙලිනාට්‍ය හරහා ඇය ප්‍රේක්ෂකයන් අතර ගොඩක් ජනප්‍රිය වුණා. පස්සේ කාලෙක ඇය නිරූපණ ක්ෂේත්රයට වැඩිපුරම යොමු වුණා. නිරූපණ ක්ෂේත්රයේ සහ රූ රැජින තරග ආශ්රිත වැඩසටහන්වල ඇය නිතරම දකින්න ලැබුණා. ඇය මිය යන්න දවසකට කලින් පවා රූ රැජින තරගයකට සහභාගි වෙලා ඉන්නවා දකින්න ලැබුණා. ඇයගේ මරණයට නිශ්චිත හේතුව තවම ප්‍රකාශ කරලා නැහැ. ඇයගේ වියෝවෙන් පවුලේ උදවියට සහ ඇයගේ රසිකයන්ට අපි අපේ ශෝකය ප්‍රකාශ කරනවා.

Discussion & Feedback