හොලිවුඩ් සිනමාවේ දැවැන්ත නිර්මාණ වන ‘Wednesday’ සහ ‘Beetlejuice Beetlejuice’ වැනි චිත්රපට නිෂ්පාදනය කළ ටොමි හාපර්, මේ දිනවල අලුත්ම වැඩකට අතගහලා තියෙනවා. ඔහු ‘VeYou’ නමින් අලුත් මයික්රෝ ඩ්රාමා ප්ලැට්ෆෝම් එකක් හඳුන්වා දීලා තියෙනවා. හාපර් කියන විදිහට මේක හරියට 2008 කාලේ ස්පොටිෆයි (Spotify) ආපු අලුත වගේ තැනක්. ඔහුට ඕනේ මේ සිරස් (vertical) වීඩියෝ ක්ෂේත්රයේ HBO වගේ ප්රබල නාමයක් ගොඩනගන්න. මේ සඳහා කෘත්රිම බුද්ධිය හෙවත් AI තාක්ෂණය උපරිමයෙන්ම යොදාගන්න ඔහු බලාපොරොත්තු වෙනවා.
නෙට්ෆ්ලික්ස් වගේ දිගු කාලීන වැඩසටහන් වලට වඩා, මිනිස්සුන්ට තියෙන කාර්යබහුල ජීවිතය ඇතුළේ විනාඩි පහකින් රසවිඳින්න පුළුවන් කතා මාලා නිර්මාණය කිරීම තමයි මෙහි අරමුණ. මේ වෙනුවෙන් ඔවුන් අලුත්ම පාපන්දු ආශ්රිත කතා මාලාවක් වන ‘Rival Hearts’ මේ මාසයේදී ප්රේක්ෂකයන්ට ලබාදෙන්න සූදානම් කරලා තියෙනවා. වෘත්තීය පාපන්දු ක්රීඩාවේ තියෙන තරගකාරීත්වය සහ ආදර කතාවක් මුල් කරගෙන නිර්මාණය වුණු මේ කතා මාලාව, නිකොල් මැටොක්ස් සහ ඇන්ටෝනියෝ රොසෙලෝ වැනි ජනප්රිය නළු නිළියන්ගේ රංගනයෙන් හැඩවෙනවා.
ඇත්තටම මේක සාමාන්ය වීඩියෝ බලනවා වගේ නෙවෙයි, කතාව ඇතුළටම කිඳා බැහැලා රසවිඳින්න පුළුවන් අත්දැකීමක් කියලා තමයි හාපර් කියන්නේ. එලන් මස්ක්ගේ ජීවිත කතාව ඇතුළු තවත් රසවත් කතා මාලා රැසක් ඉදිරියේදී VeYou හරහා බලාගන්න පුළුවන් වේවි. තාක්ෂණය සහ නිර්මාණශීලිත්වය එකතු කරලා මේ ක්ෂේත්රයේ ලොකු පෙරළියක් කරන්න ඔහු ලොකු උත්සාහයක ඉන්නවා.

Discussion & Feedback