මේ දිනවල පවතින නිරිත දිග මෝසම් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තද සුළං ඇතිවීමේ අවදානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා. විශේෂයෙන්ම මධ්‍යම, සබරගමුව, උතුරු මැද සහ වයඹ පළාත්වලටත්, මොනරාගල, හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ මන්නාරම දිස්ත්‍රික්කවලටත් පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර වේගයකින් තද සුළං ඇති වෙන්න පුළුවන්. මේ නිසා කාලගුණය පිළිබඳව නිරන්තරයෙන් අවධානයෙන් ඉන්න කියලා තමයි බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
මේ තද සුළං තත්ත්වය නිසා නිවෙස්වල වහලවලට හානි වෙන්න, විදුලි රැහැන් සහ සන්නිවේදන මාර්ගවලට බාධා ඇති වෙන්න වගේම ගස් කඩා වැටීම් සිද්ධ වෙන්නත් ඉඩ තියෙනවා. ඒ වගේම වී ගොවිතැන්, කෙසෙල් සහ පැපොල් වගාවන්ටත් මේ සුළඟින් හානි වෙන්න පුළුවන්. වෙරළබඩ ප්‍රදේශවල ජීවත් වන අය මුහුදු රළ ගොඩබිමට ඒම පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ. අනතුරුදායක ගස් යටින් ගමන් කිරීමෙන් වළකින්න සහ විදුලි රැහැන්වලට හානි වෙලා තියෙනවා නම් ඒ ගැන වහාම අදාළ බලධාරීන්ට දැනුම් දෙන්න. හදිසි අවස්ථාවකදී ඔබේ ප්‍රදේශයේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සම්බන්ධ කරගෙන ආරක්ෂිතව ඉන්න කියලා අපි මතක් කරනවා.

Discussion & Feedback