අද දින දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි සහ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. විශේෂයෙන්ම උව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලත්, පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් පස්වරු දෙකෙන් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙන්න පුළුවන්. සමහර ප්‍රදේශවලට මිලිමීටර් 75කට වැඩි තද වැසි ඇතිවීමේ අවදානමක් පවතින නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඒ වගේම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවෙන්න පුළුවන් බවයි වාර්තා වෙන්නේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලිකව තද සුළං සහ අකුණු අනතුරු ඇති වෙන්න පුළුවන් නිසා ඒ ගැන වැඩි අවධානයක් යොමු කරන්න කියලා බලධාරීන් ජනතාවට මතක් කරනවා. මේ අතරතුර, සූර්යයා දකුණු දෙසට ගමන් කිරීමේදී අද දහවල් 12:08ට පමණ මොරටුව, කැස්බෑව, හඳපාන්ගොඩ, ඉදල්ගස්හින්න, යුධගනාව, කොටියාගල සහ පානම යන ප්‍රදේශවලට සෘජුවම ඉහළින් පවතිනවා. අගෝස්තු 28 සිට සැප්තැම්බර් 07 දක්වා කාලය තුළ සූර්යයා ලංකාවේ අක්ෂාංශවලට ඉහළින් ගමන් කරන බවත් සඳහන්.
මුහුදු ප්‍රදේශ ගැන බැලුවොත්, හලාවත සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළ ආසන්නයේ වැසි ඇතිවෙන්න පුළුවන්. මුලතිව් සිට ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙන්න ඉඩ තියෙනවා. නිරිත දිගින් හමන සුළං පැයට කිලෝමීටර් 30-40ක් විතර වේගයකින් පවතින අතර, හම්බන්තොට සිට පොතුවිල් දක්වා සහ කන්කසන්තුරේ සිට මන්නාරම හරහා පුත්තලම දක්වා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50-60 දක්වා වැඩි වෙන්න පුළුවන් නිසා ධීවර සහ නාවික ප්‍රජාව ඒ ගැනත් සැලකිලිමත් වෙන්න.

Discussion & Feedback