කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද දිනය සඳහා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 75 ඉක්මවූ තද වැසි සහ තද සුළං ඇති විය හැකි බවයි. විශේෂයෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙනවා. සබරගමුව පළාතේ සහ මහනුවර, නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වඩා වැඩි තද වැසි ඇති වීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම වයඹ පළාතේත් වැසි වාර කිහිපයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්.
උතුරු මැද, සබරගමුව, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වල පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර වේගයකින් තද සුළං හමන්න ඉඩ තියෙනවා. ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලිකව තද සුළං සහ අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කරගන්න පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
මුහුදු ප්‍රදේශ සම්බන්ධයෙන් ගත්තොත්, පුත්තලම සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි නිසා ධීවර සහ නාවික ප්‍රජාවට ඒ පිළිබඳව දැඩි අවධානයෙන් සිටින ලෙස දැනුම් දී තිබෙනවා. විශේෂයෙන්ම චිලාව සිට මන්නාරම දක්වා සහ මාතර සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60ත් 70ත් දක්වා වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා ඉදිරි දැනුම්දීමක් ලැබෙන තුරු ගැඹුරු මුහුදු ප්‍රදේශවලට යාමෙන් වළකින ලෙස ධීවරයින්ට උපදෙස් ලබා දී තියෙනවා.

Discussion & Feedback