මේ දිනවල ඇමරිකාවේ සැන් ෆ්රැන්සිස්කෝ නුවර නිවාස වෙළඳපොළ අමුතුම තත්ත්වයකට පත්වෙලා. විශේෂයෙන්ම ‘ඩියුබෝස් ට්‍රයෑන්ගල්’ වැනි ප්‍රභූ ප්‍රදේශවල තියෙන සුඛෝපභෝගී නිවාස මිලදී ගන්න දැන් ලොකු තරගයක් ඇතිවෙලා තියෙනවා. උදාහරණයක් විදිහට, මිලියන 3ක පමණ වටිනාකමක් තියෙන නිවසක් මිලදී ගන්න මුදල් වෙනුවට OpenAI හෝ Anthropic වැනි කෘත්‍රිම බුද්ධි (AI) සමාගම්වල කොටස් පවා ලබා දෙන්න හිමිකරුවන් සූදානම් වීම හරිම පුදුම සහගතයි. මේ වන විට සැන් ෆ්රැන්සිස්කෝ නුවර නිවාස මිල වාර්තාගත ලෙස ඉහළ ගිහින් තියෙන අතර, මැයි මාසය වන විට එහි සාමාන්‍ය නිවාස මිල ඇමරිකානු ඩොලර් මිලියන 1.76ක් දක්වා ඉහළ ගිහින් තියෙනවා.
මේ වගේ මිල ඉහළ යාමට ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ AI ක්ෂේත්රයේ වැඩ කරන සේවකයන්ට ලැබෙන අතිවිශාල වැටුප් සහ කොටස් විකල්ප (Stock options) බව ආර්ථික විද්‍යාඥයන් පෙන්වා දෙනවා. පසුගිය කාලයේ OpenAI සහ Anthropic සමාගම්වල සේවකයන් බිලියන ගණනක කොටස් විකුණා විශාල මුදලක් උපයා ගත්තා. මේ නිසා ඔවුන් සතුව තියෙන අතිරික්ත මුදල් නිවාස වෙළඳපොළට ගලා ඒමෙන් මිල ගණන් තව තවත් ඉහළ යනවා. කොවිඩ් සමයේ පහත වැටුණු සැන් ෆ්රැන්සිස්කෝ නුවර දේපළ වෙළඳාම් ක්ෂේත්රය, අද වන විට AI විප්ලවය නිසා නැවතත් ලෝකයේම අවධානය දිනාගත් මිල අධිකම නගරය බවට පත්වෙලා ඉවරයි.

Discussion & Feedback