Alphabet සමාගමට අයත් ස්වයංක්‍රීය රථ සේවාවක් වන Waymo, Uber සමඟ පවත්වාගෙන යන හවුල්කාරිත්වය අවසන් කිරීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා වෙනවා. දැනට ඔස්ටින් සහ ඇට්ලන්ටා නගරවල Uber හරහා Waymo රථ සේවාව ලබාගන්න පුළුවන් වුණත්, 2028 වසරේ ජනවාරි මාසයේ සිට තමන්ගේම ඇප් එක හරහා සේවාවන් ලබාදීමට Waymo සැලසුම් කර තිබෙනවා. මේ දෙපිරිස අතර තිබෙන ගිවිසුම 2028 මැයි මාසයේදී අවසන් වීමට නියමිතයි. මීට පෙර ෆීනික්ස් නගරයේදීත් මේ සමාගම් දෙක වෙන් වුණා.
මේ වෙන්වීමට ප්‍රධාන හේතුව ලෙස පෙනෙන්නේ දෙපාර්ශවය අතර කාලයක් තිස්සේ පවතින මතභේදයි. Uber සමාගමේ ප්‍රධාන තාක්ෂණ නිලධාරියා මීට පෙර Waymo රථවල හැසිරීම අනාරක්ෂිත බව පවසමින් වීඩියෝවක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. ඒ වගේම Uber ප්‍රධාන විධායක නිලධාරී දාරා කොස්රෝෂාහි ද Waymo රථවල හැසිරීම සම්බන්ධයෙන් විවේචන එල්ල කර තිබුණා. විශේෂයෙන්ම පාසල් කලාප සහ හදිසි අවස්ථාවලදී මේ රථවල හැසිරීම ගැන ඔවුන් සෑහීමකට පත් වුණේ නැහැ.
මේ වන විට ස්වයංක්‍රීය රථ නියාමනය සම්බන්ධයෙන් පවතින ප්‍රතිපත්තිමය ගැටලු නිසාත් මේ සමාගම් දෙක එකිනෙකට වෙනස් මත දරනවා. කෙසේ වෙතත්, Waymo සමාගම මේ සම්බන්ධයෙන් තවමත් නිල වශයෙන් කිසිවක් ප්‍රකාශ කර නැහැ. ඉදිරියේදී මේ තාක්ෂණික දැවැන්තයන් දෙදෙනාගේ ගමන කොයිබට යාවිද යන්න ගැන ලෝකයේම අවධානය යොමු වෙලා තියෙනවා.

Discussion & Feedback