ගූගල් සමාගමේ අනුබද්ධ ආයතනයක් වන වේමෝ (Waymo) මේ වන විට ස්වයංක්‍රීය රොබෝ ටැක්සි සේවාව හරහා ලෝකයේම අවධානය දිනාගෙන ඉන්නවා. පසුගිය වසර දෙක තුළ ඔවුන්ගේ ව්‍යාප්තිය ඇත්තටම පුදුම හිතෙන සුළුයි. 2024 සැප්තැම්බර් මාසයේදී නගර තුනක පමණක් ක්‍රියාත්මක වුණු වේමෝ සේවාව, අද වන විට ඇමරිකාවේ නගර 15ක් දක්වා ව්‍යාප්ත වෙලා තියෙනවා. සතියකට සාමාන්‍යයෙන් ගමන් වාර ලක්ෂ පහක් පමණ ඔවුන් හරහා සිදුවීම ඔවුන්ගේ සාර්ථකත්වයට හොඳම සාක්ෂියක්. මේ වන විට ඔවුන් සතු රොබෝ ටැක්සි 4,000ක් පමණ තිබෙන අතර, ඉන් 80%ක්ම කැලිෆෝනියා සහ ටෙක්සාස් ප්‍රාන්තවලට සීමා වී තිබීම විශේෂත්වයක්.
විශේෂයෙන්ම ටෙක්සාස් ප්‍රාන්තයේ පසුගිය සති කිහිපය තුළ වේමෝ රථ සංඛ්‍යාව 49%කින් ඉහළ ගොස් තිබෙනවා. මෙයට ප්‍රධාන හේතුව වී ඇත්තේ චීනයේ නිෂ්පාදිත ‘Ojai’ නමින් හඳුන්වන නවතම මිනිබෑන් රථ හඳුන්වා දීමයි. මෙම රථවල ගූගල් සමාගමේ ‘Gemini AI’ තාක්ෂණය අන්තර්ගත කර ඇති අතර, එය මගීන්ට ඉතා පහසු අත්දැකීමක් ලබා දෙනවා. චීනයෙන් ආනයනය කිරීමේදී පනවා ඇති බදු නිසා පිරිවැය ඉහළ ගියත්, වේමෝ සමාගම මෙම අභියෝගය භාරගෙන සිය සේවාව තවදුරටත් පුළුල් කිරීමට කටයුතු කරනවා. අනාගතයේදී ස්වයංක්‍රීය රථ ප්‍රවාහන ක්ෂේත්රයේ ප්‍රධානම බලවතා වීමට ඔවුන් මේ වන විටත් සියලු සැලසුම් සකස් කර අවසන්.

Discussion & Feedback