කැලණි ගඟේ ජලයේ ගුණාත්මකභාවය සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුවක් නිසා කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට තාවකාලිකව අත්හිටුවා තිබූ ජල සැපයුම මේ වන විට යථා තත්ත්වයට පත් කරමින් පවතිනවා. අඹතලේ සහ කැලණි දකුණු ඉවුර ජල පවිත්‍රාගාරවලට ජලය ලබාගන්නා ස්ථානවල ජලයේ තත්ත්වය පිළිබඳව ඇතිවූ සැක සංකා හේතුවෙන්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ උපදෙස් මත ජල සැපයුම තාවකාලිකව නතර කිරීමට ජල සම්පාදන මණ්ඩලය පියවර ගෙන තිබුණා. පසුව ත්‍රිවිධ හමුදාවේ සහාය ඇතිව ජල සාම්පල පරීක්ෂා කිරීමෙන් අනතුරුව, ජලය ආරක්ෂිත බව තහවුරු කරගැනීමෙන් පසුවයි මෙලෙස ජල සැපයුම යළි ආරම්භ කර තිබෙන්නේ.
මේ වන විට බහුතරයක් ප්‍රදේශවලට ජල සැපයුම සාමාන්‍ය පරිදි ලැබුණත්, බත්තරමුල්ල, කෝට්ටේ සහ පාමන්කඩ වැනි ප්‍රදේශ කිහිපයක ජල සැපයුම යථා තත්ත්වයට පත් වීමට තවමත් යම් කාලයක් ගත විය හැකි බව ජල සම්පාදන මණ්ඩලය දැනුම් දෙනවා. පද්ධතියේ පීඩනය ක්‍රමයෙන් වැඩි වෙමින් පවතින නිසා එම ප්‍රදේශවල ජනතාවට ඉතා ඉක්මනින් ජලය ලබාගැනීමේ හැකියාව ලැබෙනු ඇති. ජල සැපයුම යථා තත්ත්වයට පත් වන තුරු ජනතාව ඉවසීමෙන් කටයුතු කරන ලෙසත්, ජල සම්පාදන මණ්ඩලය මේ සම්බන්ධයෙන් සිදුකරන නිවේදන පිළිබඳව අවධානයෙන් සිටින ලෙසත් ඉල්ලා සිටිනවා.

Discussion & Feedback