අභ්යවකාශ තාක්ෂණ ක්ෂේත්රයේ තවත් සුවිශේෂී පියවරක් තබමින්, SpaceX සමාගම විසින් අතිවිශාල BlueBird චන්ද්රිකා තුනක් අභ්යවකාශගත කිරීමට සියල්ල සූදානම් කර තිබෙනවා. මෙම මෙහෙයුම අගෝස්තු 5 වනදා අලුයම ෆ්ලොරිඩා හි කේප් කැනවරල් අභ්යවකාශ මධ්යස්ථානයෙන් ආරම්භ වීමට නියමිතයි. AST SpaceMobile සමාගම විසින් නිර්මාණය කර ඇති මෙම චන්ද්රිකා, සාමාන්ය ස්මාර්ට්ෆෝන් වෙත කෙළින්ම අන්තර්ජාල පහසුකම් ලබා දීමේ අරමුණින් පෘථිවියට ආසන්න කක්ෂයකට යැවීමටයි සැලසුම් කර ඇත්තේ. මෙම දියත් කිරීම සජීවීව නැරඹීමට ලොව පුරා සිටින අභ්යවකාශ ලෝලීන්ට අවස්ථාව ලැබෙනවා.
මෙම චන්ද්රිකා මගින් අනාගතයේදී ලොව ඕනෑම තැනක සිට සාමාන්ය ජංගම දුරකථන හරහා අධිවේගී අන්තර්ජාල සේවාවන් ලබා ගැනීමට හැකි වනු ඇති බවයි එම සමාගම පවසන්නේ. විශේෂයෙන්ම, මීට පෙර යැවූ චන්ද්රිකාවලට වඩා දෙගුණයක වේගයකින් දත්ත හුවමාරු කර ගැනීමේ හැකියාව මෙම නවතම BlueBird චන්ද්රිකා සතුයි. මෙම මෙහෙයුම සාර්ථක වුවහොත්, පෘථිවිය වටා ඇති චන්ද්රිකා ජාලය තවත් ශක්තිමත් වන අතර, එය වසර අවසානයේදී බීටා සේවාවන් ආරම්භ කිරීමට විශාල රුකුලක් වනු ඇති බවයි ව්යාපෘති ප්රධානීන් පවසන්නේ. Falcon 9 රොකට්ටුව මගින් සිදුකරන මෙම මෙහෙයුම, අභ්යවකාශ සන්නිවේදන ක්ෂේත්රයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරනු නොඅනුමානයි.

Discussion & Feedback