ඇමරිකාවේ මැසචුසෙට්ස් ප්‍රාන්තයේ නැන්ටකෙට් වෙරළ තීරයට පසුගිය දිනවල බලපෑ ප්‍රබල කුණාටුවක් නිසා අමුතුම ආකාරයේ දේවල් ටිකක් ගොඩගැසී තිබෙනවා. ඒ තමයි 19 වන සියවසට අයත් යැයි සැක කෙරෙන පැරණි නැවක සුන්බුන් කොටස්. මේ දිනවල ඇමරිකාවේ ඊසානදිග ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව සහ වෙරළාසන්න ගංවතුර තත්ත්වයන් නිසා මුහුදු පතුලේ සැඟවී තිබූ මේ නැවේ කොටස් මෙලෙස මතුපිටට පැමිණ ඇති බවයි වාර්තා වෙන්නේ. මේ සිදුවීම ප්‍රදේශවාසීන් අතර ලොකු කතාබහක් ඇති කර තිබෙනවා.
ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරන විදිහට, මේ සුන්බුන් 1884 වසරේදී නැන්ටකෙට් අසලදී ගිලී ගිය ‘වොරන් සෝයර්’ (Warren Sawyer) නමැති නැවට අයත් ඒවා විය හැකි බවයි විශ්වාස කරන්නේ. ඇත්තටම මේ නැවේ කොටස් මීට පෙර 2022 සහ 2023 වසරවලදීත් මේ වෙරළ තීරයෙන්ම හමුවී තිබෙනවා. මේ වන විට පවතින අයහපත් කාලගුණය නිසා නිවාස එක් ලක්ෂ හැට දහසකට වඩා වැඩි ප්‍රමාණයක විදුලිය විසන්ධි වී ඇති අතර, ජනතාව දැඩි අපහසුතාවයට පත්ව සිටිනවා. කෙසේ වෙතත්, මුහුදේ සැඟවී තිබූ මේ ඓතිහාසික නටබුන් නැවත වරක් දැකගන්න ලැබීම පුරාවිද්‍යාත්මකව ඉතා වැදගත් සිදුවීමක් ලෙසයි සැලකෙන්නේ.

Discussion & Feedback