ඩිජිටල් පොත් ලෝකයේ ඇමසන් සමාගමේ ආධිපත්‍යයට තවත් ප්‍රබල අභියෝගයක් එල්ල වෙමින් තිබෙනවා. ඒ, ජනප්‍රිය කියවීම් ට්‍රැකර් එකක් වන ස්ටෝරිග්රාෆ් (StoryGraph) සහ කොබෝ (Kobo) ඊ-රීඩර් නිෂ්පාදකයන් එකතු වීමත් සමඟයි. මීට පෙර ඇමසන් සමාගම ඔවුන්ගේ කිඩ්ල් (Kindle) උපාංග සහ ගුඩ්රීඩ්ස් (Goodreads) හරහා පාඨකයන්ව තමන් වෙතම රඳවා ගැනීමට සමත් වුණා. නමුත් දැන් කොබෝ භාවිතා කරන අයට තමන් කියවන පොත් ස්වයංක්‍රීයව ස්ටෝරිග්රාෆ් ගිණුම සමඟ සම්බන්ධ කර ගැනීමේ හැකියාව ලැබී තිබෙනවා. මේ නිසා ඔබ කොබෝ උපාංගයකින් පොතක් කියවා අවසන් කළ සැණින්, එය ස්ටෝරිග්රාෆ් ගිණුමේ ‘කියවා අවසන්’ ලෙස ස්වයංක්‍රීයව සටහන් වෙනවා.
ස්ටෝරිග්රාෆ් කියන්නේ හුදෙක් පොත් ලැයිස්තුගත කරන තැනක් විතරක් නෙවෙයි. එය පාඨකයන්ට තමන්ගේ කියවීමේ රටාව, වේගය සහ පොත් කියවීමේ මනෝභාවයන් ගැන ගැඹුරු විශ්ලේෂණයක් ලබා දෙනවා. ඒ වගේම මෙහි ඇති ප්‍රජා කණ්ඩායම් සහ කියවීමේ අභියෝග නිසා පාඨකයන්ට පොත් කියවීමට විශාල උනන්දුවක් ඇති වෙනවා. දැනට මිලියන 5කට අධික පාඨකයන් පිරිසක් සිටින ස්ටෝරිග්රාෆ්, කොබෝ සමඟ එකතු වීමෙන් ලොව පුරා සිටින කොබෝ භාවිතා කරන්නන් මිලියන 12කටම මේ පහසුකම හිමි වෙනවා. කිසිදු අමතර ගාස්තුවකින් තොරව මෙම පහසුකම ලබා ගත හැකි වීම විශේෂත්වයක්. අද වන විට ලෝකයේ බොහෝ දෙනෙක් ඊ-පොත් කියවීමට වැඩි කැමැත්තක් දක්වන නිසා, මෙම නව තාක්ෂණික එකතුව පොත් කියවන පාඨක ප්‍රජාවට ඉතාමත් ප්‍රයෝජනවත් වේවි.

Discussion & Feedback