කොසෝවෝ පාර්ලිමේන්තුවේදී පසුගිය සෙනසුරාදා ඉතාම උණුසුම් සහ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වුණා. ඒ, එරට වැඩබලන අගමැති ඇල්බින් කුර්ටි පාර්ලිමේන්තුව අමතමින් සිටියදී විපක්ෂ මන්ත්‍රීවරියක් වන ටයිම් කද්රිජාජ් ඔහු දෙසට බිත්තර ප්‍රහාරයක් එල්ල කිරීම නිසයි. ඇය ඉතා වේගයෙන් බිත්තර හතරක් පමණ අගමැතිවරයා ඉලක්ක කරගෙන විසි කළ අතර, එම අවස්ථාවේදී පාර්ලිමේන්තුව තුළ විශාල කලබලකාරී තත්ත්වයක් නිර්මාණය වුණා. වහාම ක්‍රියාත්මක වුණු අනෙකුත් මන්ත්‍රීවරුන් සහ පොලිස් නිලධාරීන් මැදිහත් වී තත්ත්වය පාලනය කිරීමට පියවර ගත්තා.
මේ සිදුවීමට මුල් වුණේ පසුගිය ජුනි මාසයේ පැවැති මැතිවරණයෙන් පසුව, පාර්ලිමේන්තු කථානායකවරයෙක් පත් කර ගැනීම සම්බන්ධයෙන් අගමැතිවරයා ගත් තීරණයයි. කථානායකවරයෙක් නම් කිරීමට පෙර තමන්ට අනෙකුත් පක්ෂ සමඟ තවදුරටත් සාකච්ඡා කිරීමට කාලය අවශ්‍ය බව අගමැති කුර්ටි පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඔහුගේ මේ ප්‍රකාශයත් සමඟම විපක්ෂයේ දැඩි විරෝධයක් මතු වුණා. දේශපාලන අර්බුදයක් මැද සිදුවුණු මෙම බිත්තර ප්‍රහාරය මේ වන විට ලෝකය පුරාම කතාබහට ලක්වෙලා තියෙනවා. මෙවැනි සිදුවීම් මගින් රටක දේශපාලන ස්ථාවරත්වය කෙතරම් බිඳ වැටී ඇත්දැයි අපට පැහැදිලිවම දැකගන්න පුළුවන්.

Discussion & Feedback