චීනයේ පැවැත්වෙන ලෝක හියුමනොයිඩ් රොබෝ ක්‍රීඩා උළෙලේදී ඇදහිය නොහැකි දෙයක් සිද්ධ වුණා. ඒ තමයි, මිනිස් ලෝක වාර්තා තබා ඇති උසේන් බෝල්ට්ගේ මීටර් 100 ධාවන වාර්තාව පවා අභිබවා යන්නට රොබෝවෙකුට හැකි වීම. බීජිං නවෝත්පාදන මධ්‍යස්ථානය විසින් නිර්මාණය කරපු මේ හියුමනොයිඩ් රොබෝවා මීටර් 100 දුර තත්පර 9.39කින් පසු කරමින් ලෝකයේම අවධානය දිනා ගත්තා. ඇත්තටම 2009 වසරේදී උසේන් බෝල්ට් මේ දුර තත්පර 9.58කින් පසු කරමින් තබා තිබූ වාර්තාව මේ රොබෝවා විසින් ඉතා පහසුවෙන් බිඳ දමනු ලැබුවා.
මේ තරගාවලියේදී තවත් රොබෝවරු කිහිප දෙනෙක්ම දක්ෂතා පෙන්නුවා. විශේෂයෙන්ම චීනයේ ප්‍රසිද්ධ ස්මාර්ට්ෆෝන් නිෂ්පාදක සමාගමක් වන ‘Honor’ විසින් නිර්මාණය කරපු රොබෝවෙක් පරීක්ෂණ ධාවනයකදී තත්පර 9.32ක කාලයක් වාර්තා කර තිබීමත් විශේෂත්වයක්. මේ රොබෝ ක්‍රීඩා උළෙලේදී හුදෙක් දිවීම පමණක් නෙවෙයි, බොක්සිං, පාපන්දු වගේ ක්‍රීඩා වගේම ගෙදර දොරේ වැඩ වන රෙදි නැවීම වැනි දේවල් පවා රොබෝවරුන් ලවා කරවන ආකාරය බලාගන්න පුළුවන්. තාක්ෂණය කොයිතරම් වේගයෙන් දියුණු වෙනවාද කියන එකට මේක හොඳම උදාහරණයක් විදියට අපිට දකින්න පුළුවන්.

Discussion & Feedback