මේ දවස්වල තායිලන්තයේ බැංකොක් නුවරට ඇද හැලෙන අධික වර්ෂාව නිසා මුළු නගරයම ගංවතුර ආපදා කලාපයක් විදිහට රජය විසින් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. පසුගිය දින දෙක පුරාවටම පැවති තද වැසි නිසා නගරයේ ජල පද්ධතිය සම්පූර්ණයෙන්ම අඩපණ වෙලා තියෙනවා. මේ තත්ත්වය පාලනය කරන්න බලධාරීන් ගංවතුර ජලය මුහුදට පොම්ප කිරීමේ දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කරලා තියෙනවා. ඒ වුණත්, ඉදිරි ඉරිදා දිනයෙත් තවත් වැසි ලැබෙන්න පුළුවන් කියලා කාලගුණ විද්‍යා අංශ අනතුරු අඟවලා තියෙනවා.
මේ තත්ත්වය හමුවේ බැංකොක් නුවර ඉන්න ජනතාවට හැකිතාක් නිවෙස්වලටම වෙලා ඉන්න කියලා බලධාරීන් උපදෙස් දීලා තියෙනවා. විශේෂයෙන්ම නගරයේ ඇළ දොළ ආශ්‍රිතව ජීවත් වෙන අයට තමන්ගේ වටිනා බඩු බාහිරාදිය නිවෙස්වල උඩු මහල්වලට ගෙනියන්න කියලා දැනුම් දීලා තියෙනවා. මේ වෙද්දී නගරයේ තත්ත්වය ඉතාමත් අවදානම් සහගත නිසා ජනතාවට ඉතාම පරිස්සමෙන් ඉන්න කියලා බලධාරීන් නිතරම සිහිපත් කරනවා. තවමත් ගංවතුර බැස යාම මන්දගාමී නිසා ජනතාවට මේ අපහසුතා තවත් දින කිහිපයක් විඳගන්න සිද්ධ වෙයි කියලා තමයි වාර්තා වෙන්නේ.

Discussion & Feedback