අභ්යවකාශ තාක්ෂණ ක්ෂේත්රයේ දැවැන්ත පියවරක් තබමින්, රොකට් ලැබ් සමාගම තමන්ගේ අලුත්ම ‘නියුට්රෝන්’ (Neutron) රොකට්ටුව සඳහා නිපදවූ ‘ආකිමිඩීස්’ (Archimedes) එන්ජිම සාර්ථකව පරීක්ෂා කර තිබෙනවා. ඇමරිකාවේ නාසා ආයතනයට අයත් ස්ටෙනිස් අභ්යවකාශ මධ්යස්ථානයේදී මෙම පරීක්ෂණය සිදු කළ අතර, එහිදී මිනිත්තු පහහමාරකට ආසන්න කාලයක් එන්ජිම නොකඩවා ක්රියාත්මක කරමින් එහි කාර්යක්ෂමතාව තහවුරු කර ගත්තා. මෙය නියුට්රෝන් රොකට්ටුවේ මංගල ගුවන් ගමන සඳහා තබන ලද ඉතාමත් තීරණාත්මක පියවරක් ලෙසයි සමාගම පෙන්වා දෙන්නේ.
මෙම නියුට්රෝන් රොකට්ටුව නිර්මාණය කර තිබෙන්නේ නැවත භාවිත කළ හැකි අභ්යවකාශ යානයක් ලෙසයි. මෙහි විශේෂත්වය වන්නේ රොකට්ටුවේ ඉහළ කොටස ‘හන්ග්රි හිපෝ’ (Hungry Hippo) නමින් හඳුන්වන විශේෂ ක්රමයකට විවෘත වීමයි. එමගින් අභ්යවකාශයට යවන බර පටවා ගැනීමට පහසු වෙනවා. පසුගිය කාලයේ විවිධ තාක්ෂණික අභියෝගවලට මුහුණ දීමට සිදු වුවත්, සමාගමේ ප්රධාන විධායක නිලධාරී පීටර් බෙක් පවසන්නේ නියමිත ඉලක්කවලට වඩා රොකට්ටුවේ ආරක්ෂාව සහ සාර්ථකත්වය කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇති බවයි. 2026 වසරේ මුල් භාගයේදී මෙම රොකට්ටුව අභ්යවකාශගත කිරීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා.

Discussion & Feedback