චීනයේ බෙයිජිං අගනුවර පිහිටි උසම ගොඩනැගිල්ල වන මහල් 109කින් සමන්විත ‘සිටික් ටවර්’ (CITIC Tower) ගොඩනැගිල්ලේ කුඩා සැහැල්ලු ගුවන් යානයක් ගැටී තිබෙනවා. මෙම සිදුවීමත් සමඟ ගොඩනැගිල්ලේ සිටි පිරිස් වහාම ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන ඇති අතර, සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන වීඩියෝ දර්ශනවලින් ගොඩනැගිල්ලේ ඉහළ කොටස්වලින් සුන්බුන් කඩා වැටෙන අයුරු දැකගන්න පුළුවන්. මේ වන විට එම ප්‍රදේශයේ ආරක්ෂක අංශ විසින් දැඩි පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
මූලික වාර්තාවලට අනුව අනතුරට ලක්ව ඇත්තේ චීනයේ නිෂ්පාදිත ‘සන්වර්ඩ් SA60L ඕරෝරා’ (Sunward SA60L Aurora) වර්ගයේ සැහැල්ලු ගුවන් යානයක්. ගුවන් යානය නියමිත ගුවන් පථයෙන් ඉවතට පියාසර කිරීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි විශ්වාස කරන්නේ. අනතුර සිදුවන අවස්ථාවේදී යානයේ සිට ඇත්තේ නියමුවා පමණක් බවත් වාර්තා වෙනවා. කෙසේ වෙතත්, මෙම අනතුරින් සිදුවූ ජීවිත හානි හෝ වැඩිදුර හානි පිළිබඳව නිල තොරතුරු තවමත් ලැබී නැහැ. මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු මේ වන විටත් ක්‍රියාත්මකයි.

Discussion & Feedback