ඉතාලියේදී පුද්ගලයෙක් තමන් දිනාගත් යුරෝ මිලියනයක ලොතරැයි ටිකට් පතක් අත්වැරදීමකින් කුණු කූඩයට දාපු සිදුවීමක් ගැන මේ දවස්වල ලෝකය පුරාම කතාබහක් ඇතිවෙලා තියෙනවා. මේ පුද්ගලයා තමන්ගේ ටිකට් පතේ අංක පරීක්ෂා කරගන්න කඩේකට ගියාම, ඒකේ තියෙන මුදල වැඩිකම නිසා ‘ගෙවීමට නොහැක’ කියන පණිවිඩය තමයි ලැබිලා තියෙන්නේ. ඒක වැරදියට තේරුම් ගත්ත ඔහු, ඒක වැඩක් නැති ටිකට් එකක් කියලා හිතලා කුණු කූඩයට දාලා තියෙනවා. පස්සේ ගෙදර ගිහින් තමන්ගේ පවුලේ අයත් එක්ක අංක ටික ආයෙත් පරීක්ෂා කරද්දී තමයි ඔහුට තේරිලා තියෙන්නේ ඔහු ඇත්තටම ලොකු මුදලක් දිනලා කියලා.
මේ ගැන දැනගත්ත ගමන් ඔහු වහාම කුණු එකතු කරන ආයතනයට දැනුම් දීලා තියෙනවා. වාසනාවකට ඒ දවසේ ඉරිදා දිනයක් වෙලා තිබුණ නිසා කුණු ට්‍රක් රථයේ තිබුණ දේවල් තවමත් කුණු කන්දකට දාලා තිබුණේ නැහැ. ඒ නිසා කුණු එකතු කරන සේවකයෝ දෙදිනක් පුරා මහන්සි වෙලා, කුණු කන්දක් වගේ තිබුණ අපද්‍රව්‍ය අතරින් අර වටිනා ටිකට් පත හොයාගන්න සමත් වුණා. මේ සිදුවීම ඇත්තටම ආශ්චර්යයක් වගේ දෙයක් කියලා තමයි කුණු එකතු කරන ආයතනයේ අධ්යක්ෂවරයා පවා කියලා තිබුණේ. කොහොම වුණත්, මේ ටිකට් පත හොයාගන්න දරපු වියදම අර ජයග්‍රාහකයා විසින්ම ගෙවන්න ඕනේ කියලා තමයි වාර්තා වෙන්නේ. ඇත්තටම මේක හරිම පුදුම සහගත වාසනාවන්ත සිදුවීමක් නේද?

Discussion & Feedback