ලෝක ප්රකට වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ මත විමසුම් අංශයේ ප්රධානියා ලෙස කටයුතු කළ ඇඩම් ඕ’නීල් එම තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. ඔහු මේ බව නිල වශයෙන් දැනුම් දී ඇත්තේ අගෝස්තු 31 වැනිදා වන විට තමන් එම වගකීමෙන් නිදහස් වන බව පවසමින්. පසුගිය වසරේදී පුවත්පතේ හිමිකරු ජෙෆ් බෙසෝස් විසින් අංශයේ විශාල ප්රතිසංස්කරණයක් සිදු කිරීමට පියවර ගත් අතර, එම කාලසීමාව තුළ අංශය මෙහෙයවීමේ ප්රධාන වගකීම පැවරුණේ ඕ’නීල් වෙතයි. පුද්ගලික නිදහස සහ නිදහස් වෙළඳපොළ යන මූලධර්ම මත පදනම්ව මත විමසුම් අංශය ප්රතිනිර්මාණය කිරීමට බෙසෝස් කටයුතු කළ අතර, ඕ’නීල්ගේ නායකත්වය යටතේ එම අංශය වඩාත් සමබර සහ පාඨකයන්ට සමීප වූ බව පුවත්පත් කළමනාකාරීත්වය පවසනවා.
කෙසේ වෙතත්, වොෂින්ටන් පෝස්ට් පුවත්පත මෑතකදී දැඩි මූල්ය අර්බුදයකට මුහුණ දීම නිසා සිය සේවක මණ්ඩලයෙන් තුනෙන් එකක් පමණ ඉවත් කිරීමටත්, ඇතැම් අංශ වසා දැමීමටත් කටයුතු කළා. පුවත්පතේ මූල්ය ස්ථාවරත්වය ඇති කර ගැනීම සඳහා මෙම තීරණ ගත් බවයි ඔවුන් සඳහන් කරන්නේ. ඕ’නීල් ඉවත්වීමෙන් පසු ඔහුගේ අනුප්රාප්තිකයා කවුරුන්ද යන්න පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණය වී නැහැ. ඕ’නීල් පවසන්නේ තමන් ඉවත්ව ගියද, පුවත්පතේ මත විමසුම් අංශය ඉදිරියේදී වඩාත් සාර්ථක වනු ඇති බවට තමන් දැඩි විශ්වාසයකින් පසුවන බවයි.

Discussion & Feedback