හෙට දිනයේදී එනම් අගෝස්තු 22 වන සෙනසුරාදා දිනයේදී දිවයිනේ ප්‍රදේශ කිහිපයකට දැඩි උණුසුම් කාලගුණයක් බලපෑ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. විශේෂයෙන්ම නැගෙනහිර පළාත ඇතුළු යාපනය, කිලිනොච්චිය, වවුනියාව, මුලතිව්, මොනරාගල සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්කවල ජනතාව මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතුයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මිනිස් සිරුරට දැනෙන උණුසුම හෙවත් ‘තාප දර්ශකය’ ඇතැම් ප්‍රදේශවලදී ‘අවධානය යොමු කළ යුතු’ මට්ටමකට ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරනවා.
මෙම තත්ත්වය තුළ දීර්ඝ වේලාවක් එළිමහනේ වැඩ කිරීම සහ වෙහෙසකර ක්‍රියාකාරකම්වල නිරත වීම නිසා ශරීරයට දැඩි විඩාවක් දැනෙන්නට පුළුවන්. එමෙන්ම දිගින් දිගටම එවැනි ක්‍රියාකාරකම්වල නිරත වීමෙන් මස්පිඬු පෙරලීම වැනි තත්ත්වයන් ඇති වීමේ අවදානමක් පවතිනවා. මෙම තාප දර්ශකය ගණනය කරන්නේ වාතයේ ආර්ද්‍රතාවය සහ උපරිම උෂ්ණත්වය පදනම් කරගෙන මිස වාතයේ උෂ්ණත්වය පමණක් නොවන බවත් ඔවුන් සිහිපත් කරනවා.
එම නිසා එළිමහනේ වැඩ කරන ඔබට හැකි සෑම විටම සෙවණ ඇති ස්ථානවල විවේක ගැනීමටත්, ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීමටත් වග බලා ගන්න. විශේෂයෙන්ම දැඩි හිරු රශ්මිය පවතින වේලාවන්හිදී වෙහෙසකර වැඩ කටයුතු සීමා කරන ලෙසත්, සැහැල්ලු සහ ලා පැහැති ඇඳුම් ඇඳීමට උනන්දු වන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. ඔබගේ සෞඛ්‍යය ගැන සැලකිලිමත් වෙමින් හෙට දිනය ගත කරන ලෙස අපි සිහිපත් කරනවා.

Discussion & Feedback