හොලිවුඩ් නිළි ඔලිවියා වයිල්ඩ් මෑතකදී සහභාගි වූ පොඩ්කාස්ට් වැඩසටහනකදී ඇයගේ ජීවිතයේ අමතක නොවන භයානක සිදුවීමක් ගැන කතා කරලා තියෙනවා. ඒ තමයි 2011 වසරේ තිරගත වුණු ‘කව්බෝයිස් ඇන්ඩ් ඒලියන්ස්’ චිත්රපටයේ රූගත කිරීම් අතරතුර සිදුවුණු අශ්ව අනතුරක් ගැන. ඇය කියන විදිහට, ඩැනියෙල් ක්රේග් සහ හැරිසන් ෆෝඩ් එක්ක වේගයෙන් අශ්වයන් පිටේ යමින් ඉද්දි, එකපාරටම ඇය අශ්වයා පිටෙන් ඇදගෙන වැටිලා තියෙනවා. ඒ වෙලාවේ පිටුපසින් අශ්වයන් හතළිහක් පමණ ඉතා වේගයෙන් එමින් තිබුණු නිසා ඇයට ලොකු අනතුරක් වෙන්න තිබුණා.
ඇය බිම වැටිලා ඉද්දි, තමන්ව පෑගිලා මැරෙන්න වෙයි කියලා ඇයට හිතුණලු. ඒත් ඒ වෙලාවේ නළු වෝල්ටන් ගොගින්ස් ක්ෂණිකව තමන්ගේ අශ්වයා හරස් කරලා, පිටුපසින් ආපු අශ්වයන්ට ඇයව නොපෑගී වළක්වාගෙන තියෙනවා. ඔහු ඉතා දක්ෂ අසරුවෙක් නිසා ඒ අවදානම් සහගත තීරණය අරගෙන ඇයව බේරගන්න සමත් වුණා. “ඔහු එදා මගේ ජීවිතය බේරගත්තා, ඔහු ඇත්තටම සැබෑ ජීවිතයේ වීරයෙක්” කියලා ඔලිවියා ඉතාම හැඟීම්බරව පවසා තිබුණා. ඇත්තටම මේ වගේ සිදුවීමක් ගැන අහද්දිත් හරිම පුදුම හිතෙනවා නේද?

Discussion & Feedback