ලෝක ප්රකට වෝල්ට් ඩිස්නි සමාගම සහ ටික්ටොක් (TikTok) ආයතනය අතර අලුත්ම ගිවිසුමක් අත්සන් කරලා තියෙනවා. මේ ගිවිසුම හරහා ඩිස්නි චිත්රපට සහ වැඩසටහන්වල තියෙන ජනප්රිය දර්ශන භාවිතා කරලා වීඩියෝ නිර්මාණය කරන්න ටික්ටොක් නිර්මාණකරුවන්ට අවස්ථාව ලැබෙනවා. මුලින්ම ඇමරිකාවේදී ආරම්භ කරන මේ වැඩසටහන පසුව ලොව පුරා ක්රියාත්මක වෙන්න නියමිතයි. මේ හරහා නිර්මාණය වන විශේෂ වීඩියෝ ඩිස්නි ප්ලස් (Disney+) ඇප් එක හරහාත් රසිකයින්ට නැරඹීමේ හැකියාව ලැබෙනවා. මාර්වල්, ස්ටාර් වෝර්ස් සහ පික්සාර් වැනි ඩිස්නි සන්නාමවලට අයත් චරිත සහ කතාන්දර මේ සඳහා යොදාගන්න පුළුවන්.
මේ වැඩසටහන මගින් නිර්මාණකරුවන්ට විශේෂ වරප්රසාද සහ ඔවුන්ගේ දක්ෂතා ලොවට පෙන්වන්න ලොකු වේදිකාවක් ලැබෙනවා. ඩිස්නි සමාගමේ ප්රධාන අලෙවිකරණ නිලධාරී අසාද් අයස් පවසන විදිහට, රසිකයින්ගේ නිර්මාණශීලිත්වය සහ ඩිස්නි කතාන්දර අතර අලුත් පාලමක් මේ හරහා ගොඩනැගෙනවා. ටික්ටොක් දත්තවලට අනුව, දිනකට මිලියන 6.5කට අධික චිත්රපට සහ ටෙලි නාට්ය සම්බන්ධ වීඩියෝ ටික්ටොක් හරහා හුවමාරු වෙනවා. ඒ වගේම ටික්ටොක් එකේ දකින දේවල් නිසාම බොහෝ දෙනෙක් පසුව එම චිත්රපට හෝ වැඩසටහන් නරඹන්න පෙළඹෙන බවත් තහවුරු වෙලා තියෙනවා. ඉතින් මේ අලුත් එකතුව නිසා ඩිස්නි රසිකයින්ට තමන්ගේ ආදරණීය චරිත එක්ක තවත් සමීපව වැඩ කරන්න පුළුවන් වෙනවා.

Discussion & Feedback