මෑතකදී මාලදිවයිනේදී පැවැත්වුණු 33 වන ලෝක සංචාරක සම්මාන උළෙලේදී (World Travel Awards 2026) ශ්‍රී ලංකාවේ සුඛෝපභෝගී හෝටල් ක්ෂේත්රයට විශාල ජයග්‍රහණයක් හිමි වුණා. ඒ, W15 හෝටල් ජාලයට අයත් ‘W15 හන්තාන එස්ටේට්’ සහ ‘W15 අඹුලුවාව’ යන හෝටල් දෙකම ජාත්‍යන්තර මට්ටමින් ඇගයීමට ලක්වීම නිසයි. ලොව පුරා සංචාරක ක්ෂේත්රයේ ප්‍රවීණයන් රැසක් සහභාගී වූ මෙම උත්සවයේදී, W15 හෝටල් ජාලයේ සභාපති හාඩි ජමාල්ඩීන් මහතා විසින් මෙම සම්මාන භාරගනු ලැබුවා.
මෙම ජයග්‍රහණය ගැන අදහස් දක්වමින් සභාපතිවරයා පැවසුවේ, මෙය හුදෙක් හෝටල් දෙකකට ලැබුණු සම්මානයක් පමණක් නොව, ශ්‍රී ලංකාවේ ස්වභාවික සෞන්දර්යය, සංස්කෘතිය සහ අපේ ආගන්තුක සත්කාරය ලෝකයටම පෙන්වා දීමට ලැබුණු අවස්ථාවක් බවයි. මහනුවර හන්තාන කඳුකරයේ පිහිටි W15 හන්තාන එස්ටේට් හෝටලය යටත් විජිත සමයේ පැවති බංගලාවක සුඛෝපභෝගී බව සහ නූතන පහසුකම් එකට මුසු කරමින් අමුත්තන්ට අපූරු අත්දැකීමක් ලබා දෙනවා. ඒ වගේම ගම්පොළ අඹුලුවාව කුළුණ ආසන්නයේ පිහිටි W15 අඹුලුවාව හෝටලය, එම ප්‍රදේශයේ සුවිශේෂී භූගෝලීය පිහිටීම උපයෝගී කරගනිමින් සංචාරකයන්ට වෙනස්ම ආකාරයේ අත්දැකීමක් ලබා දීමට කටයුතු කරනවා.
සාමාන්‍ය හෝටල් ආකෘතියෙන් බැහැරව, එක් එක් ප්‍රදේශයට ආවේණික වූ අනන්‍යතාවක් සහිත හෝටල් නිර්මාණය කිරීම W15 හෝටල් ජාලයේ විශේෂත්වයයි. මෙම ජාත්‍යන්තර ඇගයීම හරහා ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්රය ලෝකයේ ඉහළම තලයකට ඔසවා තැබීමට ඔවුන්ට හැකි වී තිබෙනවා. ඉදිරියේදීත් මෙවැනි සුවිශේෂී හෝටල් අත්දැකීම් ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්ත කිරීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා.

Discussion & Feedback