සූර්ය කුණාටු පිළිබඳව කල්තියා අනතුරු ඇඟවීමේ පද්ධතියක් ලෙස ක්රියා කරන නාසා ආයතනයේ ‘SunRISE’ මෙහෙයුම සඳහා යොදා ගැනීමට නියමිතව තිබූ වුල්කන් සෙන්ටෝර් රොකට්ටුව වෙනුවට, මේ වන විට ස්පේස් එක්ස් සමාගමේ ෆැල්කන් හෙවි රොකට්ටුව තෝරාගෙන තියෙනවා. මීට පෙර සිදුකළ දියත් කිරීම්වලදී වුල්කන් රොකට්ටුවේ ඇති වූ තාක්ෂණික දෝෂ කිහිපයක් හේතුවෙන්, ආරක්ෂක අංශ විසින් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ. මෙම මෙහෙයුම මගින් කුඩා චන්ද්රිකා හයක් පෘථිවිය වටා කක්ෂගත කර, සූර්යයාගෙන් නිකුත් වන විකිරණ සහ කුණාටු පිළිබඳව අධ්යයනය කිරීමට නාසා ආයතනය බලාපොරොත්තු වෙනවා.
මෙම චන්ද්රිකා හය පෘථිවියේ සිට කිලෝමීටර් 35,000ක් පමණ ඉහළින් පිහිටි කක්ෂයක ස්ථාපිත කර, ඒවා එකිනෙක සම්බන්ධ කරමින් විශාල රේඩියෝ දුරේක්ෂයක් ලෙස ක්රියා කරවීමට නියමිතයි. සූර්ය කුණාටු පෘථිවියට ළඟා වීමට පෙර ඒවායේ ස්වභාවය හඳුනා ගැනීමට මෙමගින් විශාල පිටුවහලක් ලැබෙනවා. විශේෂයෙන්ම අභ්යවකාශයේ ඇති චන්ද්රිකා සහ විදුලි සන්නිවේදන පද්ධතිවලට සූර්ය කුණාටු මගින් සිදුවිය හැකි හානි අවම කර ගැනීමට මෙම දත්ත ඉතා වැදගත් වෙනවා. අභ්යවකාශ ගවේෂණ ක්ෂේත්රයේ නව පෙරළියක් ඇති කරමින් මෙම මෙහෙයුම ඉදිරියේදී දියත් කිරීමට නාසා ආයතනය කටයුතු කරමින් සිටිනවා.

Discussion & Feedback