ලෝකයේ ප්රධාන පෙළේ මෝටර් රථ නිෂ්පාදකයා වන ජර්මනියේ ෆොක්ස්වැගන් සමාගම මේ වන විට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. ඒ නිසාම ලොව පුරා තියෙන ඔවුන්ගේ ආයතනවලින් රැකියා ලක්ෂයක් පමණ කප්පාදු කරන්න සමාගමේ ප්රධාන විධායක නිලධාරී ඔලිවර් බ්ලූම් තීරණය කරලා තියෙනවා. මීට කලින් ඔවුන් සැලසුම් කරලා තිබුණේ රැකියා පනස් දහසක් පමණ අඩු කරන්න වුණත්, සමාගමේ වියදම් අනෙක් තරගකාරී ආයතනවලට වඩා සියයට විස්සකින් ඉහළ යාම නිසා මේ දැඩි තීරණය ගන්න සිද්ධ වෙලා තියෙනවා.
පසුගිය වසර කිහිපය තුළ ෆොක්ස්වැගන් සමාගමේ ලාභය විශාල වශයෙන් පහළ ගිහින් තියෙනවා. විශේෂයෙන්ම චීන වෙළඳපොළේ අලෙවිය සියයට විසිහයකින් පහළ යාමත්, යුරෝපීය වෙළඳපොළට චීන මෝටර් රථ නිෂ්පාදන ආක්රමණශීලී ලෙස ඇතුළු වීමත් මේ තත්ත්වයට ප්රධාන හේතුවක් වෙලා තියෙනවා. ජර්මනියේ පිහිටි ඔවුන්ගේ කර්මාන්තශාලා කිහිපයක් පවත්වාගෙන යාමේ වියදම අධික වීම නිසා ඒවා වසා දැමීමේ අවදානමක් පවා මතුවෙලා තියෙනවා. මේ තත්ත්වය නිසා ජර්මනියේ සේවකයන් අතර විශාල නොසන්සුන්තාවයක් ඇතිවෙලා තියෙන අතර, ඉදිරියේදී මේ රැකියා කප්පාදුව කොයි විදිහට සිදුවේවිද කියන එක ලෝක වාහන කර්මාන්තයේම අවධානයට ලක්වෙලා තියෙනවා.

Discussion & Feedback