ජර්මනියේ ප්‍රසිද්ධ මෝටර් රථ නිෂ්පාදක ෆොක්ස්වැගන් (Volkswagen) සමාගමේ ඉංජිනේරුවන් දෙදෙනෙකුට එරෙහිව ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව විසින් බරපතල චෝදනා එල්ල කර තිබෙනවා. මයිකල් ස්ටෑම්ප් සහ මාකස් ප්ලෑන්ක් නම් මෙම ඉංජිනේරුවන් දෙදෙනා, ෆොක්ස්වැගන් සහ විදුලි මෝටර් රථ නිෂ්පාදක රිවියන් (Rivian) සමාගම අතර ඇතිවූ හවුල් ව්‍යාපෘතියක් පිළිබඳ රහසිගත තොරතුරු අවභාවිත කරමින් කොටස් වෙළඳපොලේ වංචාවක් සිදුකිරීමට උත්සාහ කර ඇති බවයි වාර්තා වෙන්නේ. මෙම ව්‍යාපෘතිය ‘Project Climb’ ලෙස හඳුන්වා තිබූ අතර, එය ප්‍රසිද්ධ කිරීමට පෙර ඔවුන් රිවියන් සමාගමේ කොටස් මිලදී ගෙන පසුව ලාභ ලැබීමට කටයුතු කර තිබෙනවා.
මෙම වංචාව හරහා ඔවුන් ඇමරිකානු ඩොලර් 300,000කට අධික මුදලක් උපයාගෙන ඇති බව විමර්ශනවලදී හෙළිවී තිබෙනවා. විශේෂයෙන්ම, මෙම ක්‍රියාව නීති විරෝධී බව දැන දැනම ඔවුන් එය සිදුකර ඇති බවට සාක්ෂි ලෙස, ඔවුන් අන්තර්ජාලය හරහා ‘ඉන්සයිඩර් ට්‍රේඩින්’ (insider trading) සම්බන්ධ නීති පිළිබඳව සෙවීම් සිදුකර තිබීම පෙන්වා දිය හැකියි. මේ වන විට ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇති අතර, වරදකරු වුවහොත් වසර 25ක් දක්වා සිරදඬුවම් විඳීමට ඔවුන්ට සිදුවනු ඇති බවයි ඇමරිකානු බලධාරීන් පවසන්නේ.
ෆොක්ස්වැගන් සමාගම පවසන්නේ මෙය පුද්ගලයන් දෙදෙනෙකුගේ ක්‍රියාවක් මිස සමාගමට එරෙහි චෝදනාවක් නොවන බවයි. කෙසේ වෙතත්, මෙම සිදුවීම කොටස් වෙළඳපොලේ විශ්වාසනීයත්වයට විශාල හානියක් බවත්, නීතිය උල්ලංඝනය කරන ඕනෑම අයෙකුට එරෙහිව දැඩිව ක්‍රියා කරන බවත් ඇමරිකානු නීතිපතිවරයා අවධාරණය කර තිබෙනවා.

Discussion & Feedback