මෑතකදී ඉතාලියේ මිලානෝ නුවර පැවැත්වුණු ‘වෝග් වර්ල්ඩ්’ (Vogue World) විලාසිතා දැක්ම ලෝකයේම අවධානය දිනාගත්තේ එහි තිබූ අමුතුම ආකාරයේ රොබෝවරුන්ගේ නර්තනයක් නිසා. ඉතාලි සම්ප්රදායික ශිල්පීය ක්රම සහ මානව ස්පර්ශය ගැන කතා කළත්, අවසානයේ වේදිකාවට පැමිණියේ චීන සමාගමක් වන ‘Unitree’ විසින් නිෂ්පාදනය කළ මානව රූපී රොබෝවරු පිරිසක්. ඔවුන් කිසිදු ඇඳුමක් නොමැතිව සංගීතයට අනුව නටමින් ප්රේක්ෂකයන්ව උද්යෝගිමත් කරන්න උත්සාහ කළත්, එය බොහෝ දෙනෙක් දුටුවේ ඉතාම අසාර්ථක සහ අපහසුතාවයට පත්වන සිදුවීමක් විදිහටයි. විශේෂයෙන්ම වැලන්ටිනෝ ආයතනයේ නිර්මාණ අධ්යක්ෂ ඇලෙසැන්ඩ්රෝ මිචෙල්ගේ මුහුණේ තිබූ අපහසුතාවය දැක්වෙන ඡායාරූප මේ වන විට අන්තර්ජාලයේ දැඩි ලෙස කතාබහට ලක්වෙලා තියෙනවා.
මේ සිදුවීමත් එක්කම විලාසිතා ලෝකය සහ තාක්ෂණික ක්ෂේත්රය අතර තියෙන සම්බන්ධය ගැන ලොකු විවේචනයක් ඇතිවෙලා තියෙනවා. වෝග් සඟරාව සිලිකන් වැලි තාක්ෂණික දැවැන්තයන් සමඟ සමීප වෙමින් සිටින බවත්, මෙය හුදෙක් මුදල් ඉපයීමේ අරමුණින් කරන දෙයක් බවත් බොහෝ දෙනා චෝදනා කරනවා. රැකියා අහිමිවීම් සහ ජීවන වියදම් අර්බුද පවතින කාලයක, මෙවැනි රොබෝවරුන් විලාසිතා වේදිකාවට ගෙන ඒම කිසිසේත්ම නොගැලපෙන බවයි විචාරකයන් පවසන්නේ. කෙසේ වෙතත්, ලබන වසරේ සැන් ෆ්රැන්සිස්කෝ නුවර පැවැත්වීමට නියමිත මීළඟ වෝග් වර්ල්ඩ් වැඩසටහනටත් මේ තාක්ෂණික ආභාෂය තදින්ම ලැබෙනු ඇති බව නම් පැහැදිලියි.

Discussion & Feedback