අද කාලේ ගොඩක් ස්ට්රීමින් ප්ලැට්ෆෝම්ස් වලට සල්ලි ගෙවන්න වුණාට, අන්තර්ජාලය නැතුව වුණත් ඕනෑම වීඩියෝ එකක් ප්ලේ කරන්න පුළුවන් VLC මීඩියා ප්ලේයරය තාමත් අපේ ෆෝන් සහ පරිගණක වල අනිවාර්යයෙන්ම තියෙන ඇප් එකක්නේ. ඉතින් මේ ජනප්රිය මෘදුකාංගය මේ වෙනකොට ලොව පුරා බාගත කිරීම් බිලියන 7ක සුවිශේෂී සන්ධිස්ථානයක් පසු කරලා තියෙනවා. වීඩියෝ ලෑන් (VideoLAN) ආයතනයේ ප්රධාන සංවර්ධක ජීන්-බැප්ටිස්ට් කෙම්ප්ෆ් මේ බව තහවුරු කරලා තියෙන්නේ. විශේෂම දේ තමයි, මීට මාස 18කට කලින් ඒ කියන්නේ 2025 ජනවාරි මාසයේදී බිලියන 6ක සීමාව පසු කරපු VLC, ඉතා කෙටි කාලයක් ඇතුළත මේ වගේ විශාල වර්ධනයක් පෙන්නුම් කරලා තියෙන එක.
දැනටමත් ඇමසන් සමාගමේ අලුත්ම ‘Vega OS’ එක සඳහාත් VLC ප්ලේයරය හඳුන්වා දීලා තියෙනවා. ඒ වගේම ඉදිරියේදී එන්න තියෙන VLC 4 සංස්කරණය ගැනත් ගොඩක් දෙනෙක් බලාගෙන ඉන්නවා. හැබැයි මේකේ වැඩ කටයුතු ටිකක් කල් යන නිසා පරිශීලකයින්ට තව ටික කාලයක් ඉවසන්න වෙනවා. කලින් ආරංචි වුණ විදිහට AI තාක්ෂණය පාවිච්චි කරලා සබ්ටයිටල්ස් සහ පරිවර්තන පහසුකම් ලබා දෙන්නත් ඔවුන් උත්සාහ කළා. කොහොම වුණත්, කිසිම ගාස්තුවක් නැතුව මේ වගේ පහසුකම් රැසක් නොමිලේම ලබා දෙන නිසා තමයි VLC අදටත් ලෝකයේ වැඩිම දෙනෙක් පාවිච්චි කරන මෘදුකාංගයක් වෙලා තියෙන්නේ.

Discussion & Feedback