මේ දවස්වල චීනයේ සිනමා ලෝකයම කතා වෙන්නේ හරිම අමුතු ඇනිමේෂන් චිත්‍රපටයක් ගැන. ‘නියු ලායි’ (Niu Lai) කියලා කියන මේ චිත්‍රපටය මුලින්ම සිනමාහල්වලට ආවම කාගෙවත් අවධානයක් තිබුණේ නැහැ. මුල් දවස් දහය ඇතුළත මේකෙන් උපයන්න පුළුවන් වුණේ යුවාන් 7,705ක් වගේ ඉතාම සුළු මුදලක්. හැබැයි හිතාගන්න බැරි විදිහට එකපාරටම මේ චිත්‍රපටය සමාජ මාධ්‍ය හරහා වයිරල් වෙන්න පටන් ගත්තා. මේ වෙද්දී මේ චිත්‍රපටය යුවාන් මිලියන 11.4කට වඩා ආදායමක් උපයලා තියෙනවා. හොලිවුඩ් ලොකු චිත්‍රපට පවා පරද්දමින් මේක දැන් චීනයේ බොක්ස් ඔෆිස් එකේ ඉහළින්ම ඉන්නවා.
මේ චිත්‍රපටය මෙච්චර ජනප්‍රිය වෙන්න ප්‍රධානම හේතුව තමයි ඒකේ තියෙන හරිම දුර්වල ගණයේ ඇනිමේෂන් සහ තේරුම් ගන්න බැරි කතාව. ගොඩක් අය කියන්නේ මේකේ තියෙන අමුතුම විදිහේ අතින් නිර්මාණය කළ වගේ පෙනෙන ඇනිමේෂන් ස්ටයිල් එක අද කාලේ AI තාක්ෂණයෙන් හදන දේවල්වලට වඩා වෙනස් සහ රසවත් කියලා. ඒ වගේම චීන භාෂාවෙන් ‘ගවයා’ කියන වචනය කොටස් වෙළඳපොළේ දියුණුවත් එක්ක සම්බන්ධ කරලා තියෙන නිසාත් මිනිස්සු මේකට ගොඩක් කැමති වෙලා තියෙනවා.
පුදුම වැඩේ කියන්නේ මේ චිත්‍රපටයට නිල වශයෙන් ප්රචාරක පෝස්ටර් එකක්වත් නැහැ. ඒ නිසා සිනමාහල්වල වැඩ කරන අයම තමන්ගේ අතින් පෝස්ටර් හදලා ප්‍රේක්ෂකයන්ව ආකර්ෂණය කරගන්න උත්සාහ කරනවා. කිසිම ප්‍රචාරණයක් නැතුව ආපු මේ චිත්‍රපටය අද වෙද්දී මිනිස්සුන්ගේ ඉල්ලුම නිසා සිනමාහල්වල අමතර දර්ශන වාර පවා පවත්වන්න සිද්ධ වෙලා තියෙනවා. ඇත්තටම මේක මේ දවස්වල චීනයේ ලොකුම කතාබහට ලක්වෙන අමුතුම සිනමා අත්දැකීමක් වෙලා තියෙනවා.

Discussion & Feedback