එංගලන්තයේ පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියකදී ඉතාමත් අසාමාන්‍ය සිදුවීමක් වාර්තා වෙලා තියෙනවා. නෝර්ත් යෝක්ෂයර් සහ සවුත් ඩර්හැම් ක්‍රිකට් ලීගයේ පැවති තරගයකදී, පන්දු රකින්නෙක් පන්දුව පිත්තේ වැදුණු බව අඟවන්නට ඇඟිලිවලින් ශබ්දයක් නිකුත් කරමින් අම්පයර්වරයාව රවටා තිබෙනවා. මේ සිදුවීම දැක්වෙන වීඩියෝව සමාජ මාධ්‍ය ඔස්සේ මිලියන තුනකට වඩා වැඩි පිරිසක් නරඹා ඇති අතර, එම දර්ශනවලින් පෙනී යන්නේ පන්දු රකින්නා ඉතා සූක්ෂම ලෙස අම්පයර්ව නොමඟ යවන ආකාරයයි. මේ හේතුවෙන් පිතිකරු නෝමන් ශබීර්ව දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙස නම් කිරීමට අම්පයර්වරයාට සිදුවුණා.
මෙම සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට දැඩි විවේචන එල්ල වෙමින් පවතින අතර, අදාළ ක්‍රිකට් ලීගය විසින් මේ පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. සෝල්ට්බර්න් සහ නෝර්ටන් කණ්ඩායම් අතර පැවති මෙම තරගයේදී සිදුවූ මෙම වංචනික ක්‍රියාව සම්බන්ධයෙන් නිල පැමිණිල්ලක් ලැබී ඇති බවත්, පරීක්ෂණ අවසන් වන තුරු වැඩිදුර අදහස් දැක්වීමක් සිදු නොකරන බවත් ලීගය නිවේදනය කරලා තියෙනවා. සෝල්ට්බර්න් කණ්ඩායම මෙම තරගය ලකුණු 159කින් ජයග්‍රහණය කර තිබුණත්, ඔවුන්ගේ ක්‍රීඩකයන් මීට පෙර තරගයකදීත් මෙවැනිම ආකාරයේ සැක සහිත ක්‍රියාවක නිරත වූ බවට චෝදනා එල්ල වී තිබෙනවා. ක්‍රිකට් ක්‍රීඩාවේ ගෞරවයට හානි කරන මෙවැනි ක්‍රියා සම්බන්ධයෙන් දැඩි පියවරක් ගත යුතු බවයි ක්‍රිකට් ලෝලීන් පවසන්නේ.

Discussion & Feedback