හොලිවුඩ් සිනමාවේ සහ ටෙලි නාට්ය ක්ෂේත්රයේ අතිශය ජනප්රිය චරිතාංග නළුවෙක් වුණු වින්සන්ට් පැස්ටෝර් වයස අවුරුදු 80ක්ව තිබියදී අභාවප්රාප්ත වෙලා. ‘ද සොපරානෝස්’ (The Sopranos) ටෙලි කතා මාලාවේ ‘බිග් පුසී’ (Big Pussy) ලෙසින් ලොව පුරා රසිකයන් අතර ප්රසිද්ධ වුණු ඔහු, නිව්යෝර්ක්හි බ්රොන්ක්ස් හි පිහිටි ඔහුගේ නිවසේදී මියගොස් සිටියදී අසල්වැසියෙකු විසින් සොයාගෙන තියෙනවා. මූලික වාර්තා වලට අනුව ඔහුගේ මරණය ස්වභාවික හේතුවක් මත සිදුවූවක් බවයි සඳහන් වෙන්නේ.
1946 වසරේ උපත ලැබූ වින්සන්ට්, වියට්නාම් යුද්ධයට පවා සම්බන්ධ වුණු අයෙක්. රංගන ක්ෂේත්රයට පිවිසීමට පෙර ඔහු ලිමොසින් රථ රියදුරෙක් ලෙසත් සේවය කරලා තියෙනවා. ‘ගුඩ්ෆෙලස්’ වැනි සුප්රසිද්ධ චිත්රපට වල රඟපාමින් දක්ෂතා පෙන්වූ ඔහු, 1999 වසරේ විකාශය වුණු ‘ද සොපරානෝස්’ කතා මාලාව හරහා තමයි ලොව පුරාම ඉමහත් ජනප්රියත්වයක් ලබාගත්තේ. එම කතා මාලාවේ ඔහු නිරූපණය කළ චරිතය අදටත් රසිකයන් අතර ඉතාමත් මතකයේ රැඳෙන චරිතයක්.
රංගනයට අමතරව රියැලිටි වැඩසටහන් වලටත් නිතරම දායක වුණු වින්සන්ට්, ඉතාමත් කරුණාවන්ත සහ උදව් උපකාර කරන පුද්ගලයෙක් ලෙස ඔහුගේ කළමනාකරු ඇතුළු සමීපතමයන් පවසනවා. ඔහුගේ වියෝව සිනමා ලෝලීන්ට ලොකු පාඩුවක්. ඔහුගේ දියණිය, බෑණා සහ මිණිබිරිය ඇතුළු පවුලේ උදවිය වෙනුවෙන් අපේ ශෝකය පළ කරනවා. වින්සන්ට් පැස්ටෝර්, ඔබගේ රංගනයන් සදහටම අපේ මතකයේ රැඳෙනු ඇත.

Discussion & Feedback