ලොව පුරා රසිකයන් ආදරය කරන ‘ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස්’ සිනමා මාලාවේ අවසන් පරිච්ඡේදය වන ‘ෆාස්ට් ෆොරෙවර්’ (Fast Forever) චිත්රපටයේ රූගත කිරීම් මේ වන විට ආරම්භ කරලා තියෙනවා. වසර 25ක් පුරාවට රසිකයන්ව උද්දාමයට පත් කරපු මේ දැවැන්ත සිනමා ගමනේ 11 වැනි සහ අවසන් චිත්රපටය 2028 මාර්තු 17 වැනිදා තිරගත කිරීමට නියමිතයි. මේ ගැන තමන්ගේ ඉන්ස්ටග්රෑම් ගිණුම හරහා වීඩියෝවක් නිකුත් කරමින් වින් ඩීසල් පවසා තිබුණේ, තමන් ඇතුළු මුළු කණ්ඩායමම ඉතාමත් වෙහෙස මහන්සි වී රසිකයන්ට අමතක නොවන අවසානයක් ලබා දීමට කටයුතු කරන බවයි.
ඩොමිනික් ටොරෙටෝ ලෙස අප අතරට ආ වින් ඩීසල් වැඩිදුරටත් සඳහන් කළේ, වසර ගණනාවක් තිස්සේ තමන්ට සහ චිත්රාගාරයට දැක්වූ සහයෝගයට රසිකයන්ට ස්තූතිවන්ත වන බවයි. මේ සිනමා මාලාව අවසන් වුණත්, ‘ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස්’ ලෝකයට සම්බන්ධ තවත් රූපවාහිනී වැඩසටහන් හතරක් නිර්මාණය වෙමින් පවතින බවත් ඔහු ඉඟි කර තිබෙනවා. කෙසේ වෙතත්, මේ සිනමා මාලාවේ රසිකයන්ට තමන්ගේ ප්රියතම චරිතය අවසන් වරට තිරය මත දැකගන්න ලැබෙන මේ අවසාන සිනමාපටය ඉතාමත් විශේෂ එකක් වේවි.
තමන් මේ වන විට ‘රිඩික්: ෆියුරියා’ වැනි වෙනත් නිර්මාණවලත් නිරත වුණත්, ‘ෆාස්ට් ෆොරෙවර්’ චිත්රපටය රසිකයන්ගේ බලාපොරොත්තු ඉටු කරන අතිවිශිෂ්ට නිර්මාණයක් බවට පත් කිරීමට තමන් කැපවී සිටින බවයි ඩීසල් පවසන්නේ. ලොව පුරා සිටින රසිකයන්ගේ ආදරය සහ සහයෝගය තමන්ට ලොකු ශක්තියක් බවත්, ඔවුන් ආඩම්බර වන ආකාරයේ අවසානයක් ලබා දීම තම අරමුණ බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.

Discussion & Feedback