දෙමළ සිනමාවේ සුපිරි නළු විජේගේ පුතා ජේසන් සංජේ මේ දවස්වල ලංකාව ගැන හරිම ආදරෙන් කතා කරනවා. ඔහු මෑතකදී ලබාදුන් සම්මුඛ සාකච්ඡාවකදී තමන්ගේ මවගේ මූලයන් ගැනත්, ශ්රී ලංකාව සමඟ තමන්ට තියෙන පවුල් බැඳීම ගැනත් හරිම ලස්සනට විස්තර කළා. ජේසන් කියන විදිහට ඔහුගේ මව ඉපදිලා හැදී වැඩුණේ උතුරු පළාතේ යාපනයේ. පස්සේ කාලෙක තමයි ඔවුන් විදේශගත වෙලා පදිංචි වෙලා තියෙන්නේ. ලංකාවට එන හැම වෙලාවකම තමන්ගේ සීයාට අයිතිව තිබුණ දේපළ බලන්න යන එක තමන්ට හරිම විශේෂ දෙයක් කියලා ඔහු කියනවා.
ජේසන් තමන්ගේ අලුත්ම වැඩක් වන ‘සිග්මා’ (Sigma) චිත්රපටය ගැනත් මෙහිදී අදහස් දැක්වුවා. ඇත්තටම මේ චිත්රපටයේ දර්ශන කිහිපයක් ලංකාවේ රූගත කරන්න ඔවුන් සැලසුම් කරලා තිබුණා. ඒ වෙනුවෙන් ඔහුගේ කණ්ඩායම ලංකාවට ඇවිත් සුදුසු ස්ථාන පවා පරීක්ෂා කළා. හැබැයි අවාසනාවකට වගේ ඒ සැලසුම් ඒ වෙලාවේ සාර්ථක වුණේ නැහැ. ඒත් ජේසන් කියන්නේ අනාගතයේදී අනිවාර්යයෙන්ම ලංකාවේ රූගත කිරීම් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා කියලයි. ලංකාවේ තියෙන සුන්දරත්වය ලෝකෙට පෙන්නන්න ඔහු ගොඩක් ආසාවෙන් ඉන්නවා කියලා තමයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Discussion & Feedback