දෙමළ නාඩු ප්‍රාන්තයේ ක්‍රීඩා ක්ෂේත්රය වෙනස්ම මාවතකට ගෙන යමින්, එරට ප්‍රධාන අමාත්‍ය ජෝසප් විජේ ඉතාමත් වැදගත් නිවේදනයක් සිදු කර තිබෙනවා. ඒ අනුව, චෙන්නායි නුවර කේන්ද්‍ර කර ගනිමින් ලෝක මට්ටමේ පහසුකම්වලින් සමන්විත දැවැන්ත ‘ඔලිම්පික් නගරයක්’ ඉදි කිරීමට රජය තීරණය කරලා තියෙනවා. මෙහිදී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවශ්‍ය අති නවීන පුහුණු මධ්‍යස්ථාන, වෛද්‍ය පහසුකම් සහ නේවාසිකාගාර ඇතුළු සියලුම පහසුකම් ලබා දීමට නියමිතයි. මේ හරහා ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා ඉසව් පැවැත්වීමටත්, දක්ෂ ක්‍රීඩකයන් බිහි කරමින් ඔලිම්පික් පදක්කම් දිනා ගැනීමටත් විශාල පිටුවහලක් ලැබෙනු ඇති බවයි විජේ පවසන්නේ.
මීට අමතරව, මෝටර් රථ ක්‍රීඩාවට ලැදි තරුණ තරුණියන් වෙනුවෙන් විශේෂ ‘මෝටර් ස්පෝර්ට්ස් සිටි’ එකක් ඉදි කිරීමටත් රජය සැලසුම් කර තිබෙනවා. මෙහි ප්‍රධාන අරමුණ වෙන්නේ ෆෝමියුලා වන් (Formula 1) වැනි ජාත්‍යන්තර මට්ටමේ තරග චෙන්නායි නුවරට ගෙන ඒමයි. මේ ව්‍යාපෘතිය හරහා සංචාරක කර්මාන්තය දියුණු කිරීමටත්, රැකියා අවස්ථා බිහි කිරීමටත්, ආර්ථික වශයෙන් විශාල දියුණුවක් ලබා ගැනීමටත් හැකි වෙනවා. ඉන්දියාවේ ෆෝමියුලා වන් තරගාවලිය නැවත ආරම්භ කිරීමේ රජයේ ඉලක්කය සාක්ෂාත් කර ගැනීමට මෙම පියවර ඉතාමත් වැදගත් වනු ඇති බවයි වාර්තා වෙන්නේ.

Discussion & Feedback