වියට්නාමයේ හො චි මිං නුවර සහ ශ්‍රී ලංකාවේ කොළඹ අතර සෘජු ගුවන් ගමන් සේවාව පසුගියදා ඉතා උත්කර්ෂවත් ලෙස ආරම්භ වුණා. වියට්ජෙට් ගුවන් සේවයට අයත් මංගල ගුවන් යානය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සූ අවස්ථාවේදී, එයට ජල ආචාර පිරිනමමින් උණුසුම් පිළිගැනීමක් ලබා දුන්නා. මේ නව ගුවන් සේවය හරහා සතියකට ගුවන් ගමන් වාර තුනක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. මේ නිසා දෙරට අතර සංචාරක සහ ව්‍යාපාරික සබඳතා තවත් ශක්තිමත් වේවි කියලා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්.
ගුවන් යානය පැමිණි අවස්ථාවේදී මගීන් පිළිගැනීම සඳහා සාම්ප්‍රදායික උඩරට නර්තන අංග සහ විශේෂ කේක් කැපීමේ උත්සවයක් සංවිධානය කර තිබුණා. ඒ වගේම, මෙරටට පැමිණි මගීන් වෙනුවෙන් විශේෂ තෑග්ගක් ලෙස ලංකා තේ පැකට් එක බැගින් ලබා දීමටත් ගුවන් තොටුපළ බලධාරීන් කටයුතු කළා. මේ නව ගුවන් සේවය ආරම්භ වීමත් සමඟ වියට්නාමයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ගේ ප්‍රමාණය ඉදිරියේදී තවත් වැඩි වේවි කියලා තමයි අපේක්ෂා කරන්නේ. මේ වගේ සෘජු ගුවන් ගමන් ආරම්භ වීම අපේ රටේ සංචාරක කර්මාන්තයට ලොකු ශක්තියක් වෙනවා.

Discussion & Feedback