යුක්රේනයේ කෙර්සන් ප්‍රදේශයේදී අහිංසක වීදි වෙළෙන්දෙකු ඉලක්ක කර ගනිමින් රුසියානු හමුදාව විසින් සිදුකළ අමානුෂික ඩ්‍රෝන ප්රහාරයක වීඩියෝවක් මේ වන විට ලොව පුරා දැඩි කතාබහකට ලක්වෙලා. යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි විසින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කළ මෙම දර්ශනවලින් පෙනී යන්නේ, එළවළු විකුණමින් සිටි 52 හැවිරිදි යූරි නම් පුද්ගලයෙකු පසුපස ඩ්‍රෝන යානයක් හඹා ගොස් ඔහුව ඉලක්ක කර පුපුරුවා හරින ආකාරයයි. තමන් සාමාන්‍ය වෙළෙන්දෙකු බව පෙන්වීමට ඔහු සුදුළූණු පෙන්වමින් උත්සාහ කළත්, එම ඩ්‍රෝන යානය ඔහුව අත නොහැර ලුහුබැඳ ගොස් ප්‍රහාරය එල්ල කර තිබෙනවා. මෙම සිදුවීම ‘මිනිස් සෆාරි’ (human safari) ප්‍රහාරයක් ලෙස හඳුන්වන අතර, මෙය සිවිල් වැසියන් බිය ගැන්වීමට රුසියානු හමුදාව අනුගමනය කරන ක්‍රමවත් උපාය මාර්ගයක් බවයි යුක්රේන විදේශ අමාත්‍යවරයා පවසන්නේ.
ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ යූරි මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. යුක්රේන බලධාරීන් පවසන්නේ රුසියානු සොල්දාදුවන් මෙවැනි ප්‍රහාර එල්ල කරමින් ඒවා වීඩියෝ ගත කර අන්තර්ජාලයට මුදා හැරීමෙන් සතුටක් ලබන බවයි. මෙය යුද අපරාධයක් බවත්, ලෝකයම මේ පිළිබඳව අවධානය යොමු කළ යුතු බවත් ජනාධිපති සෙලෙන්ස්කි අවධාරණය කරනවා. එක්සත් ජාතීන්ගේ වාර්තාවලට අනුවත් රුසියානු හමුදා මෙලෙස නිරන්තරයෙන් සිවිල් වැසියන් ඉලක්ක කර ඩ්‍රෝන ප්‍රහාර එල්ල කරන බව තහවුරු වී තිබෙනවා. කෙසේ වෙතත්, රුසියාව තවමත් තමන් සිවිල් වැසියන් ඉලක්ක කරන බව ප්‍රතික්ෂේප කරමින් සිටිනවා.

Discussion & Feedback