ලොව පුරා භීෂණ චිත්රපට රසිකයන් අතර අතිශය ජනප්රිය වුණු ‘Friday the 13th’ චිත්රපටයේ තිර රචක වික්ටර් මිලර් වයස අවුරුදු 86 දී අභාවප්රාප්ත වෙලා. ඔහුගේ පුත් ඉයන් මිලර් මේ බව ඉන්ස්ටග්රෑම් පණිවිඩයක් මගින් තහවුරු කර තිබෙනවා. ඔහු මියගිය නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණය කර නැහැ. සිය පියා ගැන ආදරයෙන් සිහිපත් කරන ඉයන් පවසන්නේ, ඔහු සෑම විටම තමන් සිටින තැනක සිටින බුද්ධිමත්ම සහ විනෝදජනකම පුද්ගලයා වූ බවයි. ඔහු ඡායාරූපකරණය, සංගීතය සහ කතාන්දර කීමේ කලාව කෙරෙහි තමන් තුළ ලොකු ආශාවක් ඇති කළ බවත් ඉයන් සඳහන් කරනවා.
වික්ටර් මිලර් 1980 වසරේදී තිරගත වුණු ‘Friday the 13th’ චිත්රපටයේ තිර රචනයෙන් ලෝක ප්රසිද්ධියට පත් වුණා. ඔහු ඒ වගේම ‘All My Children’ වැනි ජනප්රිය ටෙලි නාට්ය සඳහා දායක වෙමින් කිහිප වතාවක්ම එමී සම්මාන දිනා ගැනීමට සමත් වුණා. ඔහුගේ ජීවිතය සැමරීමේ උත්සවයක් නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත අතර, එය විශේෂයෙන්ම ‘Friday the 13th’ දිනයකදී පැවැත්වීමට පවුලේ අය තීරණය කර තිබෙනවා. මිලර්ගේ නිර්මාණ දායකත්වය ඉදිරියටත් ‘Crystal Lake’ වැනි නවතම කතා මාලා හරහා රසිකයන් අතර ජීවමානව පවතිනු ඇති බව නොඅනුමානයි.

Discussion & Feedback