ශ්රී ලංකාවේ අතිශය ජනප්රිය ප්රවීණ ගායන ශිල්පිනියක් වුණු මරියාසෙල් ගුණතිලක මහත්මිය අභාවප්රාප්ත වෙලා කියන දුක්බර ආරංචිය මේ වෙනකොට හැමෝම අතරේ පැතිරිලා යනවා. ඇය මිය යන විට 68 වැනි වියේ පසු වුණා. පවුලේ ඥාතීන් තහවුරු කරපු විදියට, ඇය පසුගිය සිකුරාදා දින කළුබෝවිල රෝහලේ ප්රතිකාර ලබමින් ඉන්න අතරතුරයි මෙලොවින් සමුගෙන තියෙන්නේ.
මරියාසෙල් ගුණතිලක කියන්නේ දශක ගණනාවක් පුරා ලාංකීය සංගීත ක්ෂේත්රය වර්ණවත් කරපු දක්ෂ ගායිකාවක්. ඇය ගායනා කරපු “කැන්ඩි ලමිස්සි” වගේ ගීත අදටත් රසිකයන් අතර ඉතාම ජනප්රියයි. සිංහල භාෂාවට විතරක් නෙවෙයි, ඉංග්රීසි, දෙමළ සහ හින්දි භාෂාවලිනුත් ගීත ගායනා කරමින් ඇය ලංකාවේ විතරක් නෙවෙයි, විදේශයන්හි ඉන්න ශ්රී ලාංකිකයන් අතරෙත් ලොකු ආදරයක් දිනාගෙන හිටියා. ඇයගේ හඬ සහ ගායන විලාසය සංගීත ලෝලීන්ගේ මතකයේ හැමදාමත් රැඳෙනු නොඅනුමානයි.
ඇයගේ වියෝව පිළිබඳව පවුලේ ඥාතීන් ඉතාමත් කම්පාවෙන් ඉන්නේ. ඇයගේ අවසන් කටයුතු පිළිබඳ විස්තර ඉදිරියේදී පවුලේ අය විසින් දැනුම් දෙන බවයි වාර්තා වෙන්නේ. මේ දක්ෂ කලාකාරිනියට අපිත් අපේ අවසන් ගෞරවය පුද කරන අතර, ඇයගේ ආත්මයට නිවන් සුව ප්රාර්ථනා කරනවා.

Discussion & Feedback