පසුගිය මාර්තු මාසයේ සිට සවස් යාමයේ අහසේ ඉතාමත් දීප්තිමත්ව දිස්වුණු සිකුරු ග්රහයා මේ දිනවල ක්රමයෙන් අහසින් සමුගන්නට පටන් අරන්. සූර්යයා බැස ගිය පසු නිරිත දිග අහසේ ඉතා පහළින් දිස්වන සිකුරු, ඔක්තෝබර් මාසය අවසන් වීමට පෙර සවස් කාලයේ දර්ශනය වීම සම්පූර්ණයෙන්ම නතර කරනු ඇති. මේ දිනවල සිකුරු ග්රහයා අහසේ ඉතා පහළින් පිහිටා ඇති නිසා එය දැකගැනීම තරමක් අභියෝගාත්මක වුවත්, පැහැදිලි අහසක් පවතින සවස් කාලයකදී ඔබට තවමත් එය නිරීක්ෂණය කරන්න පුළුවන්.
ඔබ සතුව දුරේක්ෂයක් හෝ හොඳ බයිනොකියුලර් එකක් තිබෙනවා නම්, සිකුරු ග්රහයාගේ අඩ සඳක හැඩය මේ දිනවල ඉතා පැහැදිලිව දැකගන්න පුළුවන්. කෙසේ වෙතත්, ඔක්තෝබර් මාසයේ පළමු සතිය අවසන් වන විට සිකුරු සවස් කාලයේ අහසින් සම්පූර්ණයෙන්ම අතුරුදහන් වනු ඇති. ඉන්පසුව ඔක්තෝබර් 24 වන දින සූර්යයාට ආසන්නයෙන් ගමන් කරන සිකුරු, නොවැම්බර් මාසයේදී නැවතත් අලුයම කාලයේදී අහසේ දර්ශනය වීමට පටන් ගන්නවා. වසර අවසානය වන විට එය අලුයම අහසේ ඉතා දීප්තිමත්ව දිස්වන ‘නත්තල් තරුව’ ලෙස අපට දැකගන්න පුළුවන් වේවි. එබැවින් සවස් යාමයේ සිකුරු දැකගැනීමට කැමති අයට මේ ලැබී ඇත්තේ ඉතාමත් කෙටි කාලයක් පමණයි.

Discussion & Feedback